SayHello

ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබේ සහයට එන මොබයිල් ඇප්

Shares 2K

අද කාලේ තරුණ පරපුරේ හොඳම මිතුරා තමයි ස්මාර්ට් ෆෝන්ස්. හැම තිස්සෙම ළඟ රැඳෙන නැතුවම බැරි ස්මාර්ට් ෆෝන් එක ඔයාගේ ඉංග්‍රීසි ගුරුවරයා කරගන්නත් දැන් ඔයාට හැකියාව තියෙනවා. හරිම සරලව කිව්වොත් ඔයා යන තැන ඔයත් එක්ක එන ඉංග්‍රීසි ගුරුවරයෙක් මේ මඟින් ඔයාට ලැබෙනවා. ඉතාම සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඔයා දැනටමත් ස්මාර්ට් ෆෝන් එකට ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වගේ ඇප්ස් “Play Store” එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරනවා ඇති නේ. ඒ වගේම විවිධාකාරයෙන් සැකසුණු ඉංග්‍රීසි ඉගෙන ගන්න, කතා කරන්න උදව් කරන ඇප්ස් මේ “Play Store” එකේ අඩංගු වෙනවා.

මොබයිල් ඇප් වලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න එකෙන් ලැබෙන වාසි ගැන දැනගත්තොත් මේ ඇපස් භාවිතා කරන්න ඔයා දෙපාරක් හිතන එකක් නැහැ.

වැඩි ඵලදායිතාවය – මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇප් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන නිසා හැමදාම වැඩට හෝ ඉගෙනීම් කටයුතු වලට යන අතර මඟදී වුණත්, වෛද්‍යවරයෙක් පැමිණෙන කම් බලන් ඉදිද්දී වගේ ඔයාගේ වේලාව නිකන් නාස්ති වෙලා යන ඕනෑම වේලාවකදී පාවිච්චි කරන්න පුළුවන්. වෙනදාට මේ වගේ වෙලාවල් වලට ඔයා කරේ මොබයිල් ගේම් ගහන එක නම් ඒ වෙනුවට දැන් ඔයාට මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ඇපස් වලින් ඒ කාලය ඵලදායී දෙයකට යොදවන්න පුළුවන්.

ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක භාවිතා කිරීමේ හැකියාව – මොබයිල් ෆෝන් එක ඔයා එක්ක හැමතිස්සෙම ඉන්න නිසා ඔයාට මේ මොබයිල් ඇප්ස් හරහා ඕනේ වේලාවක ඕනේ තැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන්.

විනෝදය සහ පෙළඹවීම – ඉතාමත් ආකර්ශණීය සහ සිත් ඇදගන්නා සුළු විදිහට නිර්මාණය කරලා තියෙන නිසා මේ ඇප් භාවිතයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඔයාට ඉතාමත් විනෝදජනක දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරත්තරයෙන් මේ ඇප් එක භාවිතා කරන්න ඔයා නිරායාසයෙන්ම පෙළඹෙනවා.

නොමිලේ ලබා ගැනීමට හැකි වීම – මුදල් ගෙවලා ලබාගන්න පුළුවන් සමහරක් ඇප් තිබුණත් ගොඩක් ඇප් නොමිලේම ඔයාට “Play Store” එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒවා නොමිලේ ලබාගන්න පුළුවන් වුණත් ගුණාත්මක බැවින් ඉතා ඉහළයි.

මේ ලිපියෙන් අපි කියන්නේ ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න “Play Store” එකෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරනගන්න පුළුවන් ගුණාත්මක බවින් ඉහළ ලෝකය පුරා ඔයා වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වන අය අතර ජනප්‍රිය වුණු ඉතා හොඳ ප්‍රතිචාර ලබාගත් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් කිහිපයක් ගැනයි.

Learning English:BBC News

Rating – 4.7/5 stars

Link – https://play.google.com/store/apps/details?id=com.elearning.bbc

ලෝකය පුරා ප්‍රසිද්ධ රුපවාහිනී නාලිකාවක් වන BBC News මඟින් මේ ඇප් එක පවත්වාගෙන යන නිසා මෙය ගුණාත්මක බවින් ඉතා ඉහළයි. ඕනෑම මට්ටමක කෙනෙක්ට තේරෙන විදිහට පාවිච්චි කරන්න පහසු ලෙස ඉදිරිපත් කරන නිසා මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වෙන අය අතරේ ජනප්‍රියයි. BBC News, 6 Minute English, English at Work, English at University ආදී වශයෙන් ඔයාගේ අවශ්‍යතාවය අනුව සැකසුණු වැඩසටන් රාශියක් මෙහි අන්තර්ගත වනවා. මේ ඇප් එකේ එන පාඩම් වලින් ඔයාගේ ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන දැනුම, කතා කිරීමේ හැකියාව, වචන මාලාව වර්ධනය කරගන්නා පුළුවන්. මෙහි පාඩම් පිටපතත් සමඟින් එන ඕඩියෝ වලින් සමන්විතයි. දිවා සහ රාත්‍රී කියා මාදිලි දෙකකු මෙහි අඩංගුයි. ඔයා ඉංග්‍රීසි විභාගයකට සූදානම් වෙද්දී වුණත් මේ ඇප් එක ෆෝන් එකේ තිබීම ප්‍රයෝජනවත්. තවත් සුවිශේෂිත්වයක් තමයි ඔන්ලයින් සහ ඕෆ්ලයින් කියලා මාදිලි දෙකකින් තියෙන නිසා අන්තර්ජාල සබඳතාවයක් නැතුව වුණත් ඔයාට මේ ඇප් එක පාවිච්චි කරන්න හැකි වීම.

කැමති පාඩමක් තෝරාගන්න
ඔයාගේ මට්ටමට/අවශ්‍යතාවයට ගැලපෙන විවිධාකරයේ වැඩසටහන්
ඔයාගේ මට්ටම මැනගන්න සැකසුණු ප්‍රශ්නාවලි
ඔයාගේ රුචිකත්වය අනුව  තෝරාගත හැකි විවිධ මාදිලි

Oxford Easy English Conversation

Rating – 4.7/5 stars

Link – https://play.google.com/store/apps/details?id=com.atentertainment.easyenglishconversations

ඔයාට අවශ්‍ය එදිනෙදා ජීවිතයේදී භාවිතා වන ඉංග්‍රීසි පිළිබඳ දැනුම වැඩි කරගන්න නම් ඔයාට මේ ඇප් එක සුදුසු වනවා. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අරම්භකයෙක්ටත් මේ ඇප් එක නිර්දේශ කරන්න පුළුවන්. ඔයාට මෙහෙදී ඉතාමත් හිමින් කියවන එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන සංවාද තුළින් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ පාඩම් සකස් කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ කතා විලාසය සහ උච්චාරණය ඔයාට සමීප කරන්න පුළුවන් විදිහට දෛනික මාතෘකා පදනම් කරගෙන. මේ මඟින් ඔයාගේ ඇසීමේ හැකියාවත් වර්ධනය වෙනවා වගේම සමාන්‍ය කතාවකදී ප්‍රශ්න අහන සහ පිළිතුරු දෙන ආකාරය පුරුදු වෙන්න පුළුවන්. එක සංවාදයකට සවන් දීලා ඉවර වුණාම එක ඔයාට කොච්චර දුරට තේරුණාද කියලා කියලා Practice Quiz (පුහුණු ප්‍රශ්නාවලියක්) එකකට පිළිතුරු දීලා බලාගන්න පුළුවන්. මේ ඇප් එක භාවිතා කරන්න ඔයාට අන්තර්ජාලය භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් සුවිශේෂී වාසියක් තමයි ඔයා දන්නේ නැති වචනයක් මත ක්ලික් කළාම ඒ වචනේ සරල තේරුම මෙහි අඩංගු වන ශබ්ද කෝෂයෙන් ඔයාට පෙන්වා දෙන එක. ඊට අමතරව ඔයාට වාහනයක් පදවන ගමන් වුණත්, වෙන වැඩක නිරත වන ගමන් වුණත් භාවිතා කරන්න පුළුවන් ආකාරයට සකසා තිබීම තවත් වාසියක්.

ඔයා කැමති සංවාදයක් තෝරාගන්න
ඒ සංවාදය අහන්නද, පුරුදු වෙන්නද, Bookmark කරන්නද කියලා තෝරාගන්න
ඕඩියෝ එකට සවන්දෙන ගමන් එහි අන්තර්ගතය කියවන්න
ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔයාගේ මට්ටම මැනගන්න

VOA Learning English – Practice and Listening Everyday

Rating – 4.7/5 stars

Link – https://play.google.com/store/apps/details?id=vn.innoloop.VOALearningEnglish

VOA (Voice of America) කියන ජනප්‍රිය රුපවාහිනී ප්‍රවෘති නාලිකාව මඟින් තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉගෙන ගන්නා අයට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සරල බසින් ලියන ලද සෙමින් කියවන කතා, පාඩම් වගේම ප්‍රවෘති වාර්තාත් මේ වැඩසටහනේ අඩංගු වනවා. ඕඩියෝ එක play වෙන අතරතුරේදී ඉන් කියවෙන වචන highlight කරලා පෙන්වන එක සහ ඒ ලියවිලා තිබෙන අන්තර්ගතය ස්වයංක්‍රීයව scroll වෙන එක මේ ඇප් එකේ විශේෂ අංගයක්. එකෙන් ඉගෙන ගන්නා කෙනාට පාඩමට අසා සිටීමට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රුචිකත්වය අනුව කැමති පසුබිමක් යොදාගන්නත්, අකුරු වල වර්ණය, අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්නත් මේ ඇප් එකෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාට අවශ්‍ය ආකාරයට ඕඩියෝ එකේ වේගය, ස්වයංක්‍රීය නැවත වාදනය සකසා ගන්න පුළුවන්. කතාවක් කියවන ගමන් ඔයා දන්නේ නැති වචනයක් තිබුණොත් එකේ තේරුම බලාගන්නත් පුළුවන් අංගයක් මේ ඇප් එකේ අඩංගු වනවා. මේ ඇප් එකේ ඉගෙන ගන්න වීඩියෝ/ඕඩියෝ සේව් කරලා තියාගන්නත් පුළුවන්. ඔයාට අන්තර්ජාලය නැති අවස්ථාවක මෙහි අඩංගු පාඩම් බලාගන්න උවමනා නම් ඒවා කලින්ම සේව් කරලා තියාගන්න ඕනේ. වැඩසටහන් 18කින් 1000 කටත් අධික කතා ප්‍රමාණයක් මේ ඇප් එකේ පැමිණෙනවා. ඒ වගේම නිතරම අළුත් අළුත් පාඩම් ඔවුන් මේ ඇප් එකට එකතු කරනවා.

ඔයා කැමති ඕඩියෝ එකක් තෝරගන්න පුළුවන්
ඕඩියෝ එක play වෙන අතරතුරේදී කියවෙන වචන highlight වීම
වීඩියෝ සංවාද භාවිතයෙන් ව්‍යාකරණ ඉගෙන ගන්න
ඔයාගේ ප්‍රියතම වීඩියෝ සලකුණු කරගන්න, ඉගෙන ගන්න වීඩියෝ/ඕඩියෝ සේව් කරන්න

Improve English:Word Games

Rating – 4.7/5 stars

Link – https://play.google.com/store/apps/details?id=com.knudge.me

Improve English: Word Games ඇප් එක Google Play “Best of 2017” ඒ කියන්නේ 2017 වර්ෂයේ හොඳම ඇප් එකක් ලෙස තේරිලා තියෙනවා. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ විවිධාකාරයේ ඉංග්‍රීසි වචන යොදාගනිමින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න උදව් වෙන්න. මෙහි ඉංග්‍රීසි පාඩම් සහ ගේම්ස් යන දෙවිදිහටම ඉංග්‍රීසි ඉගෙන ගන්නා පුළුවන් වීම විශේෂයි. හෙමින් පාඩම් කියලා දෙන නිසා ඔයාට මෙහි අන්තර්ගතය අල්ලා ගන්න පහසුයි. ඔයාගේ ඉංග්‍රීසි වචන මාලාව වර්ධනය කරනවා වගේම ඒවා උච්චාරණය කරන ආකාරයත් මේ ඇප් එකෙන් කියලා දෙනවා. මේ ඇප් එකේ සුවිශේෂිත්වය තමයි “Progress Tracker” එකක් මඟින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොච්චර දියුණු වෙලා ද කියලා දැනගන්න පුළුවන් වීම. ඔයාටම ගැලපෙන විදිහට සැකසුණු පුනරීක්ෂණ පරීක්ෂණ මෙහි අඩංගු වනවා. ඒ වගේම ඵලදායී විදිහට පාඩම් නැවත මතක් කරන්න “Flashcards” යොදාගන්නත් පුළුවන්. මේ ඇප් එකේ එන වචන ක්‍රීඩා සහ අනිකුත් භාෂා ක්‍රීඩා භාවිතයෙන් ඔයාට විනෝදයක් ලබන ගමන්ම ඉංග්‍රීසිත් ඉගෙන ගන්න හැකියාව තියෙනවා.

ඉංග්‍රීසි දැනුමේ මට්ටමට ගැලපෙන ලෙස සැකසූ විවිධ පාඩම්
ඉංග්‍රීසි නිපුණතාවය වැඩි කිරීමට සැකසුණු ගේම්
ප්‍රගතිය දැන ගැනීමට හැකි වීම සහ තමාට අවේණිකව සැකසූ පරීක්ෂණ
ගේම් තුළින් දැනුම මැන ගැනීමට හැකියාව

Basic English for Beginners

Rating – 4.7/5 stars

Link – https://play.google.com/store/apps/details?id=com.talkenglish.beginner

ඔයාගේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම ඉතාම අවමයි නම් මේ ඇප් එක තමයි ඔයා ඉස්සෙල්ලාම භාවිතා කරන්න ඕනේ. Basic English for Beginners ඇප් එක සකස් කරලා තියෙන්නේ මුල සිට ඉතා සරලව පියවරෙන් පියවරට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වන ආකාරයටයි. මේ ඇප් එක භාවිතයෙන් ඔයාට මූලික මට්ටමින් ඉංග්‍රීසි කතා කරන්න සහ තේරුම්ගන්න හැකියාව ලැබෙනවා. මෙහි පාඩම් ඉංග්‍රීසියෙන් තිබුණත් ඒවා පැහැදිලි කරන්න ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ ඇප් එකේ යොදාගන්නේ පියවරෙන් පියවර සංවිධානය කරන ලද පින්තූර, ඕඩියෝ සහ පටිගත කිරීමේ අංග. ඔයා දන්නේ ඉංග්‍රීසි හෝඩිය විතරක් වුණත් මේ වැඩසටහන ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇත්තම උදව් කරයි. මේ ඇප් එකේදී ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම කෙටි ඕඩියෝ එකකට සවන් දීලා එකේ තියෙන වචන ඉගෙන ගෙන ඊළඟට එහි තිබෙන වාක්‍ය කියන ආකාරය පුහුණු වෙලා ඔයාට ඒවා තේරුම් ගියාද බලන්න ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන එකයි. ඉන් අනතුරුව ඔයාට ආයෙමත් ඕඩියෝ ෆයිල් එකට සවන්දීලා ඒකත් එක්කම කියවන්න පුළුවන්. මේ ඇප් එකේ පාඩම් ඉතාමත් සරලව පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් අමාරු වචන ඔයාට කියලා දෙනවා. මේ ඇප් එකේ සුවිශේෂීම අංගය තමයි මෙහි අඩංගු වන “Recording” එහෙමත් නැත්තම් පටිගත කිරීමේ අංගය. මේ තුළින් ඔයාට පුළුවන් ඔයාගේ කටහඬ තමන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි වන පුද්ලයෙක්ගේ කතාවකුත් එක්ක සංසන්දනය කරන්න.

ඔයාගේ දැනුමේ හැටියට පාඩමක් තෝරාගන්න
පින්තූර සහ වචන දිහා බලන ගමන් ඕඩියෝ එකට සවන් දෙමින් ඉගෙන ගන්න
ඔයා කියන දේ පටිගත කරලා සංසන්දනය කරන්න
ප්‍රශ්නාවලියට පිළිතුරු දීලා ඔයාගේ දැනුම මැනගන්න

අපි දැන් සඳහන් කළේ ඔයාගේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ගමනට අත්වැලක් වන “Play Store” එකේ වැඩිම Ratings (ශ්‍රේණිගත කිරීම්) ලබා ගත්ත නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හොඳම ඇප්ස් කිහිපයක් ගැන. මීට අමතරව නොමිලේ සහ මුදල් ගෙවා ලබාගත හැකි තවත් ඇපස් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔයාට පුළුවන් අපි සඳහන් කරපු ඇපස් වලින් ඔයාගේ දැනුම සහ අවශ්‍යතාවය අනුව කැමති ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන අදම යන එන ගමන් හෝ ඕනෑම තැනක සිට ඔයාගේ හොඳම යාළුවා මොබයිල් ෆෝන් එකත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න.

ඔයාගේ යාළුවන්ටත් දැනගන්න Share කරන්න

Shares 2K

Facebook Comments