SayHello

ඉංග්‍රීසි කතාවේදී ඉතා වැදගත් වන වාක්‍ය දහයක්

0 Shares

මේ ලිපිය ඔස්සේ අපි ඔබට එදිනෙදා ඉංග්‍රීසි කතාබහේදී භාවිතා වන මූලික වාක්‍ය දහයක් සඳහන් කරලා තිබෙනවා. ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීම සඳහාත් මේවා උපකාරී වේවි.

ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩ ඉගෙන ගන්නේ කොහොමද?

  • හතර පස් වතාවක් මෙම වාක්‍ය හඬ නගා කියවන්න
  • මෙම වාක්‍ය ලැයිස්තුව මුද්‍රණය කරගන්න
  • ඔයා මෙම වාක්‍ය කියන විට ඒවා රෙකොර්ඩ් කරගෙන නැවත අසමින් වැරදෙන තැන් නිවැරදි කරගන්න
  • දවසට එක වාක්‍ය ඛණ්ඩයක් ගැන අවධානය යොමු කර එය හොඳින් පුහුණු වීමට අදිටන් කරගන්න
  • චිත්‍රපට, ටෙලිනාට්‍ය, පොත්, පත්තර වැනි මාධ්‍ය වල මේ වාක්‍ය ඛණ්ඩ යෙදී තිබෙන අවස්ථා ගැන සොයන්න
  • ඇත්ත ජීවිතයේ සිදුවීමක් සිතින් මවාගෙන මේ වාක්‍ය ඛණ්ඩ දෙක තුනක් යොදා කතා කර බලන්න

ඒ ආකාරයට ඔබට පුළුවන් ඵලදායී ලෙස වාක්‍ය ඛණ්ඩ යොදාගනිමින් ඉංග්‍රීසි කතාවේ දක්ෂයෙක් වීමට. දැන් අපි බලමු මේ වාක්‍ය 10 මොනවාද කියලා.

Hi, I’m (Name), Nice to meet you

ආයුබෝවන්, මම (නම), ඔබව හමුවීම සතුටක්
(හායි, අයි ඈම් (නේම්), නයිස් ටු මීට් යූ)

ඔබට කවුරුන් හෝ ප්‍රථම වරට හමුවූ විට මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කරන්න පුළුවන්. මේ තුළින් එම අමුත්තාට ඔබේ නම දැනගැනීමට හැකි වනවා මෙන්ම එම පුද්ගලයා හමුවීම සම්බන්ධයෙන් ඔබ සතුටු වන බව දැන්විය හැකි වෙනවා.

Hi, I’m Nayana, Nice to meet You – ආයුබෝවන්, මම නයනා, ඔබව හමුවීම සතුටක්

හඳුන්වාදීමේදී මෙම වාක්‍ය ඛණ්ඩය භාවිතා වන TV Series වල උදාහරණ කිහිපයක් පහත video එකෙන් බලාගන්න පුළුවන්

Thanks so much.

බොහොම ස්තූතියි. (තෑන්ක්ස් සෝ මච්)

ඔබට යම් අයෙක්ට ස්තූති කිරීමට අවශ්‍ය වූ විට “Thanks so much” ලෙස සරල ආකාරයෙන් පවසන්න පුළුවන්.

ඔබට එයට තවත් විස්තර එකතු කිරීමට අවශ්‍ය නම් Thanks so much + for + [noun] / [-ing verb] ලෙස යොදාගන්න.

Thanks so much for the dinner – රාත්‍රී ආහාරයට බොහොම ස්තූති
Thanks so much for coming with me – මාත් සමඟ පැමිණියාට බොහොම ස්තූති

I really appreciate…

මම ඉතාමත් අගය කරනවා…… (අයි රියලි ඇප්රිෂියේට්)

ඔබට මෙය යම්කිසි පුද්ගලයෙක්ට ස්තූති කිරීමට හෝ ඔවුන් කළ දෙයක් අගය කිරීමේදී යොදාගන්න පුළුවන්.

I really appreciate your help – මම ඔබේ උදව්ව ඉතා අගය කරනවා
I really appreciate your kindness – මම ඔබේ කරුණාවන්තකම ඉතා අගය කරනවා.

අවශ්‍ය නම් “Thanks so much” කියන වාක්‍ය ඛණ්ඩයත් සමඟ මෙය එකට එක් කළ හැකියි.

Thanks so much. I really appreciate your effort. – බොහොම ස්තූතියි. ඔබේ උත්සාහය මම ඉතා අගය කරනවා.

ඉහත වාක්‍ය ඛණ්ඩ දෙක භාවිත වන ආකාරය පහත video එකෙන් බලාගන්න පුළුවන්

Excuse me

මට සමාවන්න (එක්ස්කියුස් මී)

මේ වාක්‍ය ඛණ්ඩය යොදාගනිමින් ඔබට විනීතව යම් අයෙක්ගේ අවධානය ලබාගන්න පුළුවන්. ඒ වගේම යම් අයෙක් ඔබගේ මඟ අවහිර කරනවා නම්, එහෙත් ඔබට ඔවුන් පසු කර යෑමට අවශ්‍යයි නම් Excuse me ලෙස පවසා ඉඩ ලබා ගැනීමට පුළුවන්.

Excuse me, May I come in? – මට සමාවන්න, මම ඇතුළට පැමිණෙන්නද?
Excuse me, You have left your phone- මට සමාවන්න, ඔබ ඔබගේ දුරකතනය දමා ගොසින්

Excuse me කියන එක භාවිත කරන විදිය මේ video එකෙනුත් බලාගන්න පුළුවන්

What do you think?

ඔයා මොකද හිතන්නේ? (වට් ඩු යූ තින්ක්?)

ඔබට යම් දෙයක් සම්බන්ධයෙන් වෙන පුද්ගලයෙක්ගේ අදහස/මතය ලබා ගැනීමට අවශ්‍යයි නම් මෙලෙස එම ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්.

I think that this dress suits me, What do you think?
මම සිතනවා මේ ගවුම මට සුදුසුයි කියා, ඔබ සිතන්නේ කුමක්ද?

මේ වාක්‍ය ඛණ්ඩය පාවිච්චි වෙන විදිය ගැන එක video එකක් මේ තියෙන්නේ

How is your day?

ඔබේ දවස කොහොමද? (හව් ඊස් යුවර් ඩේ?)

මෙය සංවාදයක් ආරම්භ කිරීමට හෝ ඔබට සමීප පුද්ගලයෙකුගේ දවස ගැන දැනගැනීමට වගේ සාමාන්‍ය සංවාද වලට භාවිතා කරන්න පුළුවන්.

I’m having a great day! How is your day? – මගේ දවස නියමයි! ඔබේ දවස කොහොමද?

මේ වාක්‍ය ඛණ්ඩය පාවිච්චි වෙන විදිය ගැන එක video එකක් මේ තියෙන්නේ

I don’t understand, Could you repeat that please?

“මට තේරෙන්නේ නැහැ, කරුණාකර ඔබට එය නැවත කියන්නට පුළුවන්ද?” (අයි ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ්, කුඩ් යූ රිපීට් දැට් ප්ලීස්?)

ඔබට කවුරුන් හෝ කියන දෙයක් තේරෙන්නේ නැති නම් සහ එය තේරුම් ගැනීමට එම පුද්ගලයා පැවසූ දේ නැවත ඇසීමට අවශ්‍යයි නම් ඔබට මෙම වාක්‍ය යොදාගන්න පුළුවන්.

I don’t understand what you are saying, Could you repeat that please?
ඔබ පැවසූ දෙය මට තේරෙන්නේ නැහැ, කරුණාකර ඔබට එය නැවත කියන්නට පුළුවන්ද?”

What do you mean?

ඔබ අදහස් කරන්නේ කුමක්ද? (වට් ඩු යූ මීන්?)

ඔබට යම් අයෙක් පවසන දෙයක එම පුද්ගලයා පවසන අදහස වැටහෙන්නේ නැති නම් මේ ලෙස අසන්නට පුළුවන්. ඔබට එම වාක්‍යයේ වචන තනි තනිව තේරුනත් සමස්තයක් වශයෙන් ගත් කළ වාක්‍යයේ අර්ථය තේරෙන්නේ නැති විට මෙය භාවිතා කරන්න පුළුවන්.

Person A – Saman has asked her not to wash dirty clothes in public
සමන් ඇයට කියා තිබෙනවා පොදු ස්ථානවල කිලුටු රෙදි හෝදන්න එපා කියලා
Person B – What do you mean?
ඔබ අදහස් කරන්නේ කුමක්ද?
Person A – I mean Saman has asked her not to discuss her private life in front of everyone.
මම අදහස් කළේ සමන් ඇයට කියා තිබෙනවා ඇයගේ පෞද්ගලික ප්‍රශ්න හැමෝම ඉදිරියේ කතා කරන්න එපා කියලා.

ඉහත වාක්‍ය ආකාර දෙක භාවිතා වන එක එක විදි ගැන මේ video එකේ තියනවා

Are you on Facebook?

ඔබට ෆේස්බුක් තිබෙනවාද? (ආ යූ ඔන් ෆේස්බුක්?)

අද සියළු දෙනාම පාහේ ෆේස්බුක් භාවිතා කරනවා. ඔබට අළුතින් හමු වූ පුද්ගලයෙක්ට ෆේස්බුක් අකවුන්ට් එකක් තියෙනවාද කියා දැනගන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්.

Let’s keep in touch! Are you on Facebook? (අපි සබඳතාවය දිගටම පවත්වාගමු! ඔබ ෆේස්බුක් ඉන්නවද?

Facebook සම්බන්ධ දෙබස් ටිකක් මේ video එකේ තියනවා.

How may I help you?

මට ඔබට උදව් කිරීමට පුළුවන් කෙසේද? (හව් මේ අයි හෙල්ප් යූ?)

ඔබගේ කාර්යාලයට සේවාවක් යම් කිසි පුද්ගලයෙක් පැමිණ සිටිනවා නම්, ඔබ සේවය කරන්නේ දුරකථන ඇමතුම් සම්බන්ධතා මධ්‍යස්ථානයක නම්, එසේත් නැතිනම් යම් කිසි පුද්ගලයෙක්ට ඔබගේ උදව්ව අවශ්‍ය බව ඔබට හැඟෙනවා නම් මෙම වාක්‍ය භාවිතයෙන් එය විමසන්න හැකියි.

Hi, I’m a customer service executive, how may I help you?
ආයුබෝවන් මම පාරිභෝගික සේවා නිලධාරියෙක්, මට ඔබට උදව් කිරීමට පුළුවන් කෙසේද?

ඉහතින් සඳහන් කරලා තිබෙන වාක්‍ය 10 ආරම්භයක් පමණයි. විවිධ අවස්ථාවන් අනුව භාවිතා කළ හැකි මේ වගේ වාක්‍ය ඛණ්ඩ තවත් බොහොමයක් තිබෙනවා. ඉදිරි “SayHello” ලිපි තුළින් ඒ සම්බන්ධව ඔබව දැනුවත් කිරීමට අපි සූදානම්.

මේ වාක්‍ය භාවිතා වෙන එක තැනක් මේ video එකේ තියනවා

ඔබේ යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය share කරන්න

Facebook Comments

0 Shares