අපි සිංහලෙන් එක දිගට කතා කරගෙන යද්දී වුණත් සමහර අවස්ථාවලදී වචන හිර වෙන එක, කතාවේ ගලා යෑමට බාධා වීම සිදු වනවා. ඉතිං අපේ මව් භාෂාව නොවන ඉංග්‍රීසි කතා කිරීමේදී ඒ වගේ වචන හිර වීම වැනි දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. ඔබ ඒ සම්බන්ධව ලැජ්ජා වීමට අවශ්‍ය වන්නේ නැහැ. මන්ද යත් ලෝක ප්‍රසිද්ධ පුද්ලයන්ට පවා මෙම ගතිය තිබී තිබෙනවා. ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල්, වර්තමානයේ ප්‍රසිද්ධ ගායකයෙක් වන ඉඩ් ශීරන්, ලෝ ප්‍රකට හොලිවුඩ් නිළියක් වූ මැරිලින් මොන්රෝ යනු කතා කිරීමේදී වචන හිරවන ගතිය තිබූ ජනප්‍රිය පුද්ගලයින්ට උදාහරණ කිහිපයක්. එහෙත් ඉංග්‍රීසි කතාවේ දක්ෂයෙක් වීමට ඔබට අවශ්‍යයි නම් මෙය අනිවාර්යයයෙන්ම මඟ හරවා ගත යුතුයි. අද “SayHello” වෙතින් අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ වචන හිර කරගන්නේ නැතිව සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්නට උපකාරී වෙන සරල ක්‍රම පහක් ගැනයි.
කණ්නාඩියක් ඉදිරියට ගිහින් ඔබටම කතා කරමින් පුහුණු වෙන්න
ඔබේ හොඳම මිතුරා ඔබමයි. ඒ නිසා කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඔබට හිතෙන ඕනෑම මාතෘකාවක් ගැන කතා කරන්න. ඔබට හිතින් අවස්ථාවක් මවාගෙන එයට ගැළපෙන විදිහට සංවාදයක් ගොඩනඟා ගැනීමට පවා හැකියි. ඒ තුළින් ගොත ගහන්නේ නැතිව නිදහසේ කතා කරන්න වගේම වචන උච්චාරණය කරන්න දිව හුරු කර ගැනීමටත් ඔබට පුළුවන් වනවා. මීට අමතරව ඔබේ ආත්ම විශ්වාසය ගොඩ නංවා ගැනීමටත් මෙය ඉතා හොඳ ක්‍රමයක්. පුහුණු වන්න, පුහුණු වන්න ඔබේ කතාවේ වර්ධනයක් ඔබටම දැකගත හැකි වේවි.
ඔබේ උරහිස සහ බෙල්ල සැහැල්ලු කරන්න
සමහර අවස්ථාවලදී වචන හිර වෙන්නේ ශරීරයේ ඇති ආතතිය නිසයි. විශේෂයෙන්ම උගුර ආශ්‍රිත ප්‍රදේශ වල ඇති තද ගතිය නිසා. සැහැල්ලු කිරීමේ ව්‍යායාම වල යෙදීම තුළින් ඔබට මෙම ප්‍රදේශ වල තද ගතිය අඩු කරගනිමින් කතා කිරීමේ ක්‍රියාවලියත් පහසු කර ගැනීමට හැකියි. ඔබට උරහිස සහ බෙල්ල සැහැල්ලු කිරීමේ ව්‍යායාම ගැන වැඩි දුර දැන ගැනීමට අවශ්‍යයි නම් මේ YouTube වීඩියෝව බලන්න.
ඉංග්‍රීසි ගීත ගායනය කරන්න
ඔබ සමහර විට දැනටමත් ඉංග්‍රීසි ගීත රසිකයෙක් නම් මෙය ඔබට ඉතා පහසු ක්‍රමයක්. අප ගීත ගායනය කරන විට ස්වභාවයෙන්ම දිග වාක්‍ය නවත්තන්නේ නැතුව ඉක්මනින් කීමට පුරුදු වනවා වගේම වචන නිවැරදිව උච්චාරණයටත් සහ එකම රටාවකට හුස්ම ගැනීමටත් හුරු වනවා. මේ නිසා ඉංග්‍රීසි කතාවේදී ඇති වන වචන හිර වීමේ ගතිය අවම කර ගැනීමට ගීත ගායනය උදව් වනවා. එම නිසා දිනපතා ඉංග්‍රීසි ගීත ගායනය පුරුද්දක් කරගන්න.
වාග් ව්‍යායාම කරන්න
වෘත්තීය ගායකයින් ඔවුන්ගේ කටහඬ පුහුණු වීමට සහ හුස්ම ගැනීමේ ව්‍යායාම වල නියත වන බව ඔබ දන්නවාද? ඒ එක දිගට ගීතයේ ගලා යෑම පවත්වා ගැනීමටයි. ඔබටත් ඉංග්‍රීසි කතාවේ වචන හිර වන ගතිය නැති කර ගැනීමට එලෙස වාග් ව්‍යායාම හෙවත් වචන කතා කිරීම සඳහා ඇති ව්‍යායාම පුරුදු වන්න පුළුවන්. ඒ තුළින් වචන හිරවන ගතිය අඩු කරගත හැකිවාක් මෙන්ම ඔබේ කතාවේ සහ වචන වල පැහැදිලි භාවයත් වැඩි දියුණු කර ගැනීමට පුළුවන්. වචන හිර වීම නැවත්වීමට සහය වන ව්‍යායාම විධි ගැන පහත දක්වා තිබෙන YouTube වීඩියෝවෙන් ඔබට ඉගෙන ගත හැකියි.
අනවශ්‍ය ලෙස වේගයෙන් කතා කිරීමෙන් වලකින්න
ඔබ තවමත් ඉංග්‍රීසි කතාවට ආධුනික නිසා වේගයෙන් ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නිපුණතාවය තවම ලබා නැහැ. ඒ නිසා අනවශ්‍ය ආකාරයට ඉතා වේගයෙන් ඉංග්‍රීසි කතා කිරීමට යෑම නවත්තන්න. මොකද ඔබ වැඩිය ඉංග්‍රීසි වචන දන්නේ නැති නිසා ඊළඟට කියන්න යන දෙය අමතක වෙලා කතාවේ මැදදී ඔබගේ වචන හිර වෙන්නට තියෙන ඉඩ කඩ වැඩියි. මෙය බොහෝ දෙනෙකුට සිදු වන දෙයක්. එවිට කතාව නවත්වා ඊළඟට කිව යුතු දෙය සිතිය යුතුයි. ඔබේ කතාව අසා සිටින පුද්ගලයාට වැටහෙන ලෙස ඉතා හිමින් ද නොවන ලෙස මධ්‍යම වේගයකින් යුතුව කතා කරන්න. ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම තුළින් ඔබට මෙයට උදාහරණ සොයා ගත හැකි වේවි.
ඉහත සඳහන් කර තිබෙන සරල ක්‍රම පහ ඔබ භාවිතා කළොත් ඉංග්‍රීසි කතාවේදී ඔබට තිබෙන වචන හිර වීමේ ගතිය කෙටි කලකින් මඟ හරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු නිසැකයි. වචන හිර වෙන්නේ නැති වෙන්න කතා කරන්න හැකි වන ලොකුම රහස තමයි නිතර පුහුණුව. ඔබ මෙම ක්‍රම පුහුණු වන්න පුහුණු වන්න තමයි ඔබේ කතාවේ අඩු පාඩු නිවැරදි වීමට ඉඩකඩ ලැබෙන්නේ. අපි දක්වා තිබෙන්නේ ඔබට ගෙදර සිට සරලවම කරන්න පුළුවන් ලෙහෙසි ක්‍රම කිහිපයක්. අපි බලාපොරොත්තු වනවා මේ ක්‍රම භාවිතය තුළින් වචන හිර නොවී ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් දක්ෂයෙක් වීමට ඔබට ඉතා ඉක්මනින් හැකි වේවි කියාලා.
යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය share කරන්න………
Facebook Comments