SayHello

ඉංග්‍රීසි සංවාද වලදී නිතර භාවිතා වන කට වහර – Part 1

0 Shares

කට වහර කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා බහ කරද්දී භාවිතා කරන විධිමත් නොවූ ලිඛිත භාෂාවේදී වැඩි වශයෙන් භාවිතා නොකරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ වලට. මේවායේ වචන එකතු කළ විට දෙන අර්ථයට එහා ගිය සැඟවුණු අරුතක් තිබෙනවා. අපේ සිංහල භාෂාවේත් මේ වගේ කට වහර රාශියක් දක්නට ලැබෙනවා. ඔබත් එදිනෙදා කතා බහේදී මෙවැනි වචන ඕනෑ තරම් යොදාගන්නවා ඇති. ඔබට තවත් තේරුම් යන්න සිංහල කටවහර වලට උදාහරණ කිහිපයක් වශයෙන් “කෝපි කාලේ”, “හණමිටි අදහස්”, “අටපට්ටම්”, “කුඩුකේඩු”, “ලට්ට ලොට්ට” යන ආදිය දැක්විය හැකියි. දැන් ඔබට කට වහර කියන්නේ මොකක්ද කියලා අදහසක් එන්න ඇති. අපේ භාෂාවේ වගේම ඉංග්‍රීසි භාෂාවේත් මෙවැනි කට වහර බහුලව භාවිතා වනවා. මේ කට වහර දැනගෙන සිටීමේ වැදගත්කම තමයි එවිට ඔබට පුළුවන් වනවා ස්වදේශිකයෙක් වගේම ඉංග්‍රීසි කතා කරන්න. මෙවර “SayHello” ලිපියෙන් අපි ඔබට කියලා දෙන්නේ  ඉංග්‍රීසි කතා බහේදී බහුලව භාවිතා වන කට වහර 10ක් සහ ඒවායේ තේරුම් ගැනයි.

මේවා නූතන එහෙමත් නැත්තම් භාවිතයට පැමිණ වැඩි කාලයක් ගත නොවුණු කට වහර. ඔබේ මිතුරන්, සමීපතමයන් වැනි අය සමඟ ඇති වන කතා බහේදී මේ කට වහර භාවිතා කරන්න පුළුවන්. එහෙත් ඔබේ කාර්යාලයේ ප්‍රධානියා හෝ ඔබට වඩා ඉහළින් සිටින පුද්ගලයන් සමඟ කතා බහේදී නම් භාවිතයට නම් මේ කට වහර සුදුසු නොවන බව මතක තබා ගන්න. ඒවගේම ලිඛිත භාෂාවේදීත් මේවා යොදාගැනෙන්නේ නැහැ. අපි දැන් බලමු මේ “Slangs” එහෙමත් නැත්තම් කට වහර දහය සහ ඒවායේ තේරුම් මොනවාද කියා. සමහරවිට ඔබ දැනටමත් මෙම ලැයිස්තුවෙන් කිහිපයක් හෝ කතා බහේදී භාවිතා කරනවා ඇති.

“What’s up” කියලා අහන්නේ උඩ තියෙන්නේ මොකක්ද කියලා නම් නෙමෙයි. මේ කට වහර පවසන අවස්ථාව අනුව විවිධ තේරුම් දෙනවා. අද වන විට බොහෝ දෙනෙක් කවුරුන් සමඟ හෝ සංවාදයකට අවතීර්ණ වීමට “What’s up” කියන කට වහර යොදාගන්නවා. ප්‍රධාන වශයෙන් මෙහි අර්ථය ඔබට කොහොමද?/ඔබ මොනවාද කරන්නේ? ලෙස ගන්න පුළුවන්. ඒ වගේම යම් ගැටළුකාරී අවස්ථාවකදී ගැටළුව කුමක්ද කියා විමසීමටත් යොදා ගත හැකියි.

“Hey buddy, what’s up?”

යාළුවා, ඔබ මොනවාද කරන්නේ?”

“What’s up, why is everyone leaving early?”

කුමක්ද ප්‍රශ්නය, ඇයි හැමෝම කළින් පිට වන්නේ?”

මෙම කට වහරත් සාමාන්‍යයෙන් “Hello” හෝ “Hi” වැනි යෙදුමකට පසුව සංවාදයක් ඇරඹීම සඳහා  භාවිතා කරනවා. මෙම කට වහරඔබට කොහොමදයන අර්ථයෙන් සහ යම් දෙයක තත්වය හෝ ප්‍රගතිය කෙසේද යන්න විමසීම සඳහා යොදාගත හැකියි. ඔබ එය භාවිතා කරන වාතාවරණය අනුව එහි තේරුම කළින් සඳහන් කළ ලෙස වෙනස් වනවා.

“Hello Peter, How is it going?”

හලෝ පීටර්, ඔබට කොහොමද?”

“I heard that you started new business. How is it going?”

මට ආරංචි වුණා ඔබ අළුත් ව්‍යාපාරයක් පටන් ගත්තා කියා. කොහොමද එකේ තත්වය?”

යම් කෙනෙක්ගේ ජීවිතයේ කුමක්ද සිදු වන්නේ හෝ ඔවුන් කුමක් කරමින් සිටිනවා ද යන්න විමසීමට යොදාගන්න පුළුවන්. ඒ වගේම යම් ස්ථානයක සිදුවන දෙයක් පිළිබඳ ඔබට ගැටළු සහගත නම් එතන සිදුවන්නේ කුමක්ද කියා විමසීමටත් යොදාගන්න පුළුවන්. මේ කට වහරත් යොදාගන්නා අවස්ථාව අනුව ටිකක් වෙනස් වූ තේරුමක් දෙනවා.

“Long time no see, What’s happening Jake?”

ගොඩක් කාලෙකින් දැක්කෙත් නැහැ, ජේක් මොනවාද ඔබ කරමින් ඉන්නේ?”

“I’m confused. What’s happening here?”

මට පටලවිලා ඉන්නේ. මෙතන මොනවාද වෙන්නේ?”

සඳුදා කියන්නේ බොහෝ දෙනෙක් අකමැති දවසක්. සති අන්තයේ විවේකීව දවස් දෙකක් ඉඳලා වැඩට, ඉගෙන ගන්න යන්න හිත හදාගන්න එක එතරම් ලෙහෙසි වැඩක් නෙමෙයි. මේ Monday Blues කියන්නේ එවැනි සතියක් ආරම්භයේ බොහෝ  දෙනෙක්ට ඇති වන සෘණාත්මක/කම්මැලි/අප්‍රියජනක හැඟීම් වලටයි.

“I really need to chase away these Monday blues”

මට ඇත්තටම උවමනායි මේ සතිය ආරම්භයේ ඇතිවන සෘණාත්මක හැඟීම් පලවා හරින්න

“You better finish your work today. Otherwise you will get Monday blues”

ඔබ අද ඔබේ වැඩ ඉවර කරොත් හොඳයි. නැත්තම් ඔබට සතිය ආරම්භය අප්‍රියජනක වේවි

Gonna කියන්නේ වර්තමානයේ “Going to” වෙනුවට කෙටියෙන් භාවිතා කරන කට වහර. මෙයින් කියවෙන්නේ යම් දෙයක් කරන්න යනවා කියන අදහසයි. බොහෝ දෙනා පහසුව සළකා අද වන විට Gonna කියා භාවිතා කරනවා.

“What are you gonna do tonight?”

ඔබ අද රාත්‍රියේ මොනවාද කරන්න යන්නේ?”

“We are gonna go for a food festival”

අපි කෑම සැණකෙළියක් සඳහා යන්න හදන්නේ

මෙය want to කියන වචන දෙක එකට එකතු කර කෙටියෙන් පැවසීමට යොදාගන්නා කට වහරයි. මෙයින් අදහස් වන්නේ කරන්න ඕනෑ/උවමනා කියා යි.

“I wanna become an astronaut one day”

මට කවදා හෝ ගගනගාමියෙක් වීමට උවමනායි.”

“My brother always wanna go out”

මගේ සහෝදරයාට හැමතිස්සේම පිටතට යන්න ඕනෑ

Coz කියන්නේ Because කියන ඉංග්‍රීසි වචනය කෙටියෙනුයි. මෙහි අර්ථය ඒ නිසා/ ඒ හේතුවෙන් කියන එකයි. මෙය කෙටි යෙදුමක් නිසා බොහෝ දෙනා සාමාන්‍ය සංවාද වලදී යොදාගන්නවා.

“Amelia will come with you definitely, coz she loves watching movies.”

අමේලියා අනිවාර්යයෙන්ම ඔබ සමඟ පැමිණේවි. ඇය චිත්‍රපට නැරඹීමට ඉතා කැමති නිසා

“I’m going home, coz I’m tired.”

මම ගෙදර යනවා, මට මහන්සි නිසා.”

මෙය got you කියන වචන සඳහා කට වහරේදී යොදා ගන්නා කෙටි යෙදුමයි. කවුරුන් හෝ ඔබට පැවසූ දෙයක් තේරුණා කියන අර්ථයෙනුත් නැත්තම් යම් අයෙක් පුදුම කිරීමට හෝ බය කිරීමට අල්ලා ගත්තා කියන තේරුමෙනුත් මෙම කට වහර භාවිතා කරනවා.

“You little liar, I gotcha”

ඔබ කුඩා බොරුකාරයා, මම ඔබව අල්ලගත්තා

“Gotcha, that sounds great.” 

එය තේරුණා, එය ඉතා හොඳ දෙයක් වගේ

Yeah කියන්නේත් Yes කියන වචනයටමයි. මෙහි තේරුම්ඔව්කියන එකයි. ඔබට මෙය ප්‍රශ්නයකට ඔව් කියා පිළිතුරු දීමට මෙන්ම යම්කිසි දෙයකට ඔබේ එකඟත්වය දැක්වීමට යොදාගන්නවා. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකින් ලේසියෙන් ගැළවී යෑමට පිළිතුරක් වශයෙනුත් භාවිතා කරන්න පුළුවන්. බොහෝ දෙනා පිරවුම් වචනයක් හෝ filler word එකක් වශයෙනුත් මෙය භාවිතා කරනවා.

“Do you like to eat rice and curries?”

ඔබ බත් සහ ව්‍යංජන කන්න කැමති ද?”

“Yeah, that’s my favourite food”

ඔව්, ඒ මගේ ප්‍රියතම ආහාරය

සරලම කිව්වොත් මෙහි තේරුම නැහැ කියන එකයි. No කියන වචනයමයි Nah ලෙසත් භාවිතා කරන්නේ. යම් දෙයකට නැහැ හෝ එපා කියන්න මෙය භාවිතා කරන්න පුළුවන්.

“Are you hoping to go abroad for higher studies?”

ඔබ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන්න බලාපොරොත්තු වනවාද?”

“Nah, I want to start working here”

නැහැ, මට ඕනෑ මෙහි රැකියාවක් කිරීමට

අපි දැන් සඳහන් කරපු “Slangs” වලින් එකක් හරි ඔබ මීට පෙර භාවිතා කරලා තිබෙනවා නේද? ඔබට එදිනෙදා නිතර භාවිතා වන කට වහර ගැන දැන් හොඳ වැටහීමක් ලැබෙන්න ඇති. මේවා ඉතාමත් සරල යෙදුම් නිසා ඔබට ඉතාම පහසුවෙන් මතක තබා ගැනීමට පුළුවන්. ඉතින් ඔබත් අද සිටම ඔබේ යහළුවන් සමඟ ඉංග්‍රීසි සංවාද වලදී මේ කට වහර භාවිතා කරන්න. එතකොට ඔබටත් ඉතා ඉක්මනින් වර්තමාන කතා බහට හුරු වීමට හැකියි.

යාළුවන්ටත් දැනගන්න Share කරන්න

Facebook Comments

0 Shares

1 comment