SayHello

ඉංග්‍රීසි කතාබහකදී ඔබව හඳුන්වාදෙන්නේ කෙසේද

0 Shares

උත්සව අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජීවිතයේදී ඔබට අළුත් පුද්ගලයෙක් හමුවූ විට ඔබ ගැන හැඳින්වීමක් එම පුද්ගලයාට කරන්නේ කොහොමද? නම, ගම, වයස, රැකියාව, විනෝදාංශ වැනි සාමාන්‍ය තොරතුරු පැවසීම තමයි එවන් අවස්ථාවකදී අප හැමෝම සිදු කරන්නේ.

 අපි මෙවර ලිපිය තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට අළුතින් පුද්ගලයෙක් හමුවූ විට ඉංග්‍රීසි භාෂාවෙන් ඔබව හඳුන්වා දෙන්නේ කෙසේද කියලා. එවන් අවස්ථාවකදී ඔබට භාවිතා කළ හැකි වාක්‍ය දහයක් අපි පහත දක්වා තිබෙනවා. මෙම වාක්‍ය මතකයේ තබා ගත්තොත් ඔබට අවස්ථාවට උචිත අයුරින් ඒවා පහසුවෙන් භාවිතා කිරීමට පුළුවන් වේවි.

Hello, It’s nice to meet you.

[හෙලෝ, ඉට්ස් නයිස් ටු මීට් යූ]

ආයුබෝවන්, ඔබව හමුවීම සතුටක්

ඔබ ගැන යම් කිසි පුද්ගලයෙක්ට හඳුන්වා දෙන්නට පෙර මේ වාක්‍යය අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. එවිට ඔබට අමුත්තාට ඔබව හඳුන්වාදීමේ සංවාදයට වීනිත ලෙස ආරම්භයක් ගන්න පුළුවන්.

 

My name is …….

මගේ නම ……….

අළුතින් හමු වූ පුද්ගලයාට ඔබේ නම පැවසීම සඳහා මේ වාක්‍යය යොදාගැනීමට පුළුවන්

My name is Nuwan /මගේ නම නුවන්

 

My name is Lakmini / මගේ නම ලක්මිණී

 

I work as a (Designation) at (Company)

මම සේවය කරනවා (තනතුර) ලෙස (සේවය කරන ආයතනය)

ඔබ කාර්යාලයක සේවය කරනවා නම් මේ වාක්‍යය මතක තබා ගැනීම එදිනෙදා ජීවිතයේදී ඇති වන කතා බහකදී වගේම රාජකාරීමය කටයුතු වලදීත් ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඒ තුළින් විශ්වාසයෙන් යුතුව ඔබ ගැන හඳුන්වා දීමට ඔබට පුළුවන්.

I work as a nurse at eye hospital / මම සේවය කරනවා හෙදියක් ලෙස අක්ෂි රෝහලේ

I work as a clerk at B company / මම සේවය කරනවා ලිපිකරුවෙක් ලෙස බී සමාගමේ

 

I studied at …………

මම අධ්‍යාපනය ලැබුවේ ……….

ඔබ අධ්‍යාපනය ලැබූ පාසැල හෝ විශ්වවිද්‍යාලය හෝ ආයතනය ගැන පවසන්න මේ විධියෙන් පුළුවන්.

I studied at Kandy College / මම අධ්‍යාපනය ලැබුවේ නුවර විද්‍යාලයේ

I studied at Colombo University / මම අධ්‍යාපනය ලැබුවේ කොළොඹ විශ්වවිද්‍යාලයේ

 

I have studied on ……..

මම අධ්‍යනය කරලා තිබෙනවා ………..

ඔබ අධ්‍යනය කළ ක්ෂේත්‍රය ගැන කියන විට මේ වාක්‍යය යොදාගන්න හැකියි. ඒ තුළින් ඔබගේ දැනුම කවර ක්ෂේත්‍ර තුළ ද පැතිර තිබෙන්නේ කියා අමුත්ත්නට දැනගත හැකියි.

I have studied on computer science / මම අධ්‍යනය කරලා තිබෙනවා පරිගණක විද්‍යාව

I have studied on marketing / මම අධ්‍යනය කරලා තිබෙනවා අලෙවිකරණය   

I am [Civil Status]

මම [විවාහක/අවිවාහක බව]

ඔබේ අමුත්තාට ඔබේ විවාහක අවිවාහක බව පවසන්න අවශ්‍ය වූ විට මේ ආකාරයෙන් පවසන්න පුළුවන්.

I am married / මම විවාහකයි

I am Single / මම අවිවාහකයි

 

I live in …………

මම වාසය කරන්නේ……..

තමන්ව හඳුන්වාදෙන විට තමන් ජීවත්වන ප්‍රදේශය ප්‍රකාශ කිරීමත් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. ඉංග්‍රීසි භාෂාවෙන් තමන් වාසය කරන ප්‍රදේශය පවසන්නේ මේ ලෙසටයි

I live in Nugegoda / මම වාසය කරන්නේ නුගේගොඩ

I live in Bandarawela / මම වාසය කරන්නේ බණ්ඩාරවෙල

 

I am (Age) years old

මගේ වයස (අවුරුදු)

ඔබේ වයස පවසන්න අවශ්‍යයි නම් මේ වාක්‍යය යොදාගන්න. ඔබේ වයස කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම “years old” කියන කොටස පවසන්නත් අමතක කරන්න එපා. නැතිනම් ඔබ පවසන දෙයට නිසි අර්ථයක් ලැබෙන්නේ නැහැ.

I am seventeen years old / මගේ වයස දාහතයි

I am twenty three years old / මගේ වයස විසි තුනයි

 

My hobby is ………

මගේ විනෝදාංශය වන්නේ ……….

අළුතින් හමු වූ පුද්ගලයෙක්ට ඔබගේ විනෝදාංශ පැවසීමේ එක් වාසියක් වන්නේ ඔබේ සහ එම පුද්ගලයාගේ විනෝදාංශ සමාන වුවහොත් ඔබේ මිතුරු දම තවත් ශක්තිමත් වීමයි. මේ ලෙසට ඔබේ විනෝදාංශ මොනවාද කියා ඉංග්‍රීසි භාෂාවෙන් පවසන්න පුළුවන්.

My hobby is collecting stamps / මගේ විනෝදාංශය වන්නේ මුද්දර එකතු කිරීමයි

My hobby is reading books / මගේ විනෝදාංශය වන්නේ පොත් කියවීමයි

 

I enjoy ……………

මම විනෝද වනවා ………..

ඔබ විනෝදවන්නේ කවර දේවල් කිරීමෙන්ද කියලා මේ වාක්‍ය භාවිතා කරලා කියන්න හැකියි. ඔබගේ විනෝදාංශ ගැන නෙමෙයි ඔබ සරලව විනෝදවන ඕනෑම දෙයක් ගැන මෙලෙස කියන්න පුළුවන්. ඒ තුළින් ඔබව හඳුන්වාදෙන පුද්ගලයාට ඔබ ගැන වටහා ගැනීමක් ලබා ගැනීමට හැකි වනවා.

I enjoy watching movies / මම විනෝදවනවා චිත්‍රපට නැරඹීමෙන්

I enjoy visiting parks / මම විනෝදවනවා උද්‍යාන වලට යෑමෙන්


අපි මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කළේ සරලව ඉංග්‍රීසියෙන් අමුත්තෙකුට ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්නේ කොහොමද කියලා. මීට අමතර තවත් විවිධ ආකාරයට ඔබ ගැන තවත් විස්තර කරන්න පුළුවන්. ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්න ආධුනිකයෙක් ලෙස තමන් ගැන හඳුන්වා දීමට ආරම්භයක් ගැනීමට මේ වාක්‍ය 10 ප්‍රමාණවත් වනවා. මේ වාක්‍ය දහය මතක තබා ගත්තොත් ඔබට පුළුවන් වනවා බය නැතිව ආත්ම විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසියෙන් ඕනෑම අයෙකුට ඔබව හඳුන්වා දීමට. ඒ නිසා ඉස්සර වගේ උත්සව අවස්ථාවකට හෝ රාජකාරී අවස්ථාවකදී ඉංග්‍රීසි නොදන්නවා කියලා මුළු ගැන්වී සිටියා යුතු නැහැ.

ඔබේ යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය Share කරන්න

Facebook Comments

0 Shares

Add comment