SayHello

ඉංග්‍රීසි කතා බහේදී බහුලව භාවිතා වන කට වහර (Slangs) – Part 2

Shares 472

මීට පෙර ඉංග්‍රීසි කට වහර ගැන හඳුන්වාදීමක් කළ ලිපියෙන් අපි ඔබට ඉංග්‍රීසි කට වහර කියන්නේ මොනවාද ඒවා දැනගෙන සීටිමේ ඇති වැදගත් කම ආදිය පැහැදිලි කළාඅපි හිතනවා මේ වන විට ඔබ ඒ කට වහර කිහිපයක් හෝ සංවාද වලදී භාවිතා කරන්න ඇති කියලාමෙවර අපි ඔබට ඉදිරිපත් කරන්නේ එම ලිපියේ දෙවැනි කොටස

ඉතා ලෙහෙසියෙන් කළ හැකි දෙයක්

පුද්ගලයෙක් යම් කිසි දෙයක් ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස පුරාජේරු පවසනවා නම් හෝ සිතනවා නම් මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කරනවා.

English exam was a piece of cake

ඉංග්‍රීසි විභාගය ඉතාමත් පහසු එකක් වුණා

 


කරදයක් හෝ ප්‍රශ්නයක් ඇති කිරීමට

බොහෝ විට නව යෞවනයන් විසින් මෙම වචන භාවිතා කරනවා. යම් කිසි ප්‍රශ්නයක් හෝ කරදරයක් ඇති කිරීමට යන අදහස මෙමෙ වාක්‍ය භාවිතයෙන් ඔබට අන් අයට දැන් විය හැකියි.

Her words are enough to make waves

ප්‍රශ්නයක් ඇති කිරීමට ඇගේ වචන ප්‍රමාණවත්

 


යම් දෙයකින් බේරීම උදෙසා දිවීම

දිවීමට හෝ යම් දෙයක් වෙනුවෙන් දිවීම පවසන තවත් එක් ආකාරයක් තමයි

මෙය. බියජනක/ත්‍රාසජනක අවස්ථාවකට මෙය යොදා ගැනීම වඩාත් ගැළපෙනවා.

Saman leg it! A Dog is chasing you

සමන් දුවන්න! සුනඛයෙක් ඔබ පසුපස පන්නනවා

 


යම් දෙයකට හෝ පුද්ගලයෙක්ට ඇති කැමැත්ත

යම් දෙයකට හෝ පුද්ගලයෙක්ට ඇති කැමැත්ත පැවසීමට හෝ විමසීමට යෑමේදී Fancy යන වචනය භාවිතා කළ හැකියි.

Do you fancy a pearl necklace?

ඔබ මුතු මාලයකට කැමති ද?

 


මෝඩ පුද්ගලයෙක්

වචනයේ අර්ථයෙන්ම පවසනවා නම් වාතයෙන් පිරුණු හිසක් ඒ කියන්නේ මොළයක් නැති හිස් වූ හිසක් යන්න Airhead යන්නෙන් අදහස් වෙනවා. හැබැයි කාටවත් ඔවුන්ගේ මුහුණට මේ වචනය කියන්න එපා. කිසිවෙකුට මෝඩයෙක් කියා මුහුණට පැවසීම හොඳ දෙයක් නොවන නිසා.

My neighbour is an airhead

මගේ අසල්වැසියා මෝඩ පුද්ගලයෙක්

 


ඉතා කරදරකාරී දෙයක් හෝ පුද්ගලයෙක්

ඔබ දන්නවා බෙල්ලේ කැක්කුමකින් පෙළෙනවා කියන්නේ ඉතාම වේදනාජනක අප්‍රසන්න දෙයක්. ඒ වගේම මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කරන්නෙත් එවන් ඉතාමත් කරදකාරී/වේදනාකාරී දෙයක් හෝ පුද්ගලයෙක් ගැන හඳුන්වා දීමටයි.

My boss is a real pain in the neck

මගේ ප්‍රධානියා ඇත්තටම ඉතාම කරදරකාරීයි

 


සහමුලින්ම විඩාවට/හෙම්බත් පත් වී

දිගු දිනයක් අවසානයේ ඔබ රාජකාරී හෝ අධ්‍යාපනික කටයුතු වලින් ඉතාම මහන්සියට පත් වී සිටින විටක ඔබේ හැඟීම නිවැරදිව පවසන්න මේ වචන භාවිතා කරන්න පුළුවන්.

I’m zapped out after working for 24 hours at a stretch

එක දිගට පැය විසි හතරක් වැඩ කිරීමෙන් මම සහමුලින්ම විඩාවට පත් වෙලා

 


හොඳ අවස්ථාවක් වඩාත් හොඳ කරන දෙයක්

කේක් එකක් කියන්නේ රසවත් දෙයක්. අයිසිං කියන්නේ ඒ රසවත් කේක් එක වඩාත් රසවත් කරන දෙයක්. ඒ වගේම යම් කිසි හොඳ දෙයක හොඳ වැඩි කරන තවත් දෙයක් තිබෙන විට මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා

කරන්න පුළුවන්. මෙය ඉතා සුලබව ඉංග්‍රීසි කතා බහේදී යොදා ගැනෙනවා.

He was selected to a foreign university. Getting a full scholarship was the icing on it.

ඔහු විදේශ විද්‍යාලයක් සඳහා තේරුණා. එහි වඩාත්ම හොඳම දෙය තමයි සම්පූර්ණ ශිෂත්වයක් හමු වීම.

 


යම් ස්ථානයකින් පිටව යෑමට

ඔබ යම් ස්ථානයකින් පිටව යෑමේදී හෝ පිටව ගිය බව පැවසීමට මේ වාක්‍ය ඛණ්ඩය භාවිතා කළ හැකියි.

It’s too late. We are going to blow out of here

දැන් ගොඩක් පරක්කුයි. අපි මෙහෙන් පිටව යන්න හදන්නේ

 

ප්‍රධානකරුණ

යම් කිසි කතාවක, සංවාදයක හෝ සිදු වූ සිදුවීමක ප්‍රධාන කරුණ හෝ ඉතාම වැදගත් දෙය හැඳින්වීමට මේ වචන භාවිතා කරන්නට පුළුවන්. මෙය වෘත්තීය කතා බහේදී වුවත් භාවිතා වනවා.

The bottom line is we have to reach out to more markets

ප්‍රධාන කරුණ නම් අපට සිදුවනවා තවත් වෙළඳපල කරා ළඟා වන්න

Slangs ගැන ලියපු මුල් ලිපිය මෙතැනින්

ඔබට තව දුරටත් ඉංග්‍රීසි කට වහර ගැන දැන ගන්න ඕනෑ නම් ඒ සම්බන්ධයෙන් සැකසුණු වීඩියෝ ගණනාවක් YouTube වල අඩංගු වනවා. මේ YouTube වීඩියෝව ඉංග්‍රීසි කට වහර ගැන මුල සිට අගට ඔබට දැනගත හැකියි. මේ link එකේ තිබෙන්නේ එම පාඩම් මාලාවේ පළමු කොටස. එය කොටස් අටකින් අන්තර්ගත වනවා. ඒ සියල්ලම නැරඹීම ඉංග්‍රීසි කතාවට ආරම්භකයෙක් වන ඔබට වැදගත් බව අප නිර්දේශ කරනවා.

මේ කට වහර ඔබේ මිතුරන් සහ ඔබ වයසේ අය සමඟ භාවිතා කළත් ඔබේ ප්‍රධානීන්, ගුරුවරු සහ වැඩිහිටියන් සමඟ කතාවේදී යොදා ගැනීමට සුදුසු වන්නේ නැහැ. එම නිසා මෙම කට වහර භාවිතා කරද්දී ඔබ සිටින අවස්ථාව, ස්ථානය සහ පුද්ගලයින් ගැන අවධානය යොමු කරන එක ඉතා වැදගත්. මේ විදිහට ඉංග්‍රීසි කට වහර ගැන හොඳින් දැනගත්තොත් ඔබටත් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කිරීමට පුළුවන්.

Images extracted from Pexels.com

Shares 472

Facebook Comments

Add comment