ඉංග්‍රීසියෙන් කවුරුන් හරි ඔබට “ටූ” කියලා කිව්වොත් එක පාරට ඔබේ හිතට එන්නේ “දෙක/two” කියන සංඛ්‍යාව නේද? ඒත් ඔබ දැනගෙන හිටියද “To” “Too” කියන වචනත් ඉංග්‍රීසි භාෂාවේදී උච්චාරණය කරන්නේ කළින් අපි කියපු “ටූ” ලෙසටමයි කියලා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව කියන්නේ වචනයක් ලියන විදිහටම ප්‍රකාශ කරන භාෂාවක් නෙමෙයි. ඉංග්‍රීසි භාෂාව හදාරන ආධුනිකයෙක් දැනගෙන සිටිය යුතුම කරුණක් තමයි සමහර ඉංග්‍රීසි වචනවල උච්චාරණය එකම වුණාට ඒවාට විවිධ තේරුම් සහ විවිධ වෙනස් වූ අක්ෂර වින්‍යාසයක් (Spelling) තිබෙනවා කියලා. මේවාට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ “Homophones” කියලා. ඉංග්‍රීසි ඉගෙන ගන්නා ඕනෑම කෙනෙක් මෙවැනි වචන ගැන දැන සිටීම ඉතා වැදගත්. මොකද නැතිනම් කවුරුන් හෝ ප්‍රකාශ කරන දෙයක් ඔබ වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ “Homophones” ඔබ මතකයේ තබාගන්න.
අපි දැන් බලමු මේ “Homophones” ඔයා කොහොමද වෙන් කර හඳුනාගන්නේ කියලා. කවුරුන් හෝ ඔබට මෙවැනි එකම ලෙස ශබ්ද වන තේරුම් කිහිපයක් ඇති වචනයක් කියූ විට ඒ අවස්ථාවට අදාළ එහෙමත් නැත්තම් ගැළපෙන ලෙස එහි අර්ථය වටහා ගැනීමට උත්සාහ කරන්න. එවිට ඔබට තේරුම් යාවි ඒ පුද්ගලයා හරියටම අදහස් කළේ කුමක්ද කියා. අපි “SayHello” තුළින් කලිනුත් කියලා තිබෙනවා වගේ වාක්‍යයේ තනි තනි වචනයේ අර්ථය ගන්නේ නැතුව වචන සියල්ලම එකතු වූ විට එන අර්ථය ගැන සිතන්න කියලා. ගොඩක් වෙලාවට මෙවැනි වචන සමඟ ඔබට ගැටළු මතු වනවා යම් අයෙක් කියූ දෙයක් ලියන්න ගියාම. එම නිසා කවුරුන් හෝ කියූ වාක්‍යයක “Homophone” එකක් යෙදෙනවා නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අපි දැන් බලමු ඉංග්‍රීසි භාෂාවේ බහුලව භාවිතා වන “Homophone” කිහිපයක් සහ ඒවායේ විවිධ අක්ෂර වින්‍යාසයන් හා තේරුම් ගැන.
Know/No
Know – දන්නවා, දැනුවත්, අඳුරනවා
I know him since my childhood. – මම ඔහුව මගේ කුඩා කාලයේ සිට අඳුරනවා.
Mala knows about British history very well. – මාලා බ්‍රිතාන්‍ය ඉතිහාසය ගැන ඉතා හොඳින් දන්නවා.
No – නැහැ
There is no any extra food. – අමතර කෑම කිසිවක් එතන නැහැ.
හැබැයි No කියන වචනයට පස්සේ නැවතීමේ තිතක් තිබ්බොත්, ඒ කියන්නේ No. විදිහට ලිව්වොත් එකෙන් අදහස් වෙන්නේ නොම්බරයක් කියන එකයි. උදාහරණයක් කිව්වොත් No. 67 කියලා ලියලා තිබ්බොත් ඒ කියන්නේ නොම්බර 67 කියන එක.
Right/Write
Right – නිවැරදි,දකුණ
You are doing the right thing. – ඔබ කරන්නේ නිවැරදි දෙයයි.
She is wearing a bangle in her right hand. – ඇය ඇයගේ දකුණු අතේ වළල්ලක් පැළඳ සිටිනවා.
Write – ලියනවා
I write for a newspaper. – මම පුවත්පතකට ලියනවා.
Eye/I –
Eye – ඇස
There is a scar above her left eye. – ඇයගේ වම් ඇසට උඩින් කැළලක් තිබෙනවා.
I – මම
I like to eat sandwiches. – මම සැන්විච් කන්න ආසයි.
Hour/Our
Hour – පැය
Let’s finish this before the lunch hour. – අපි කෑම පැයට කලින් මෙය අවසන් කරමු.
Our – අපේ
This is our little house. – මේ අපේ කුඩා නිවසයි.
Mail/Male
Mail – තැපෑල/ලියුම් ආදිය
The documents were sent by mail. – ලියකිවිලි යවන ලද්දේ තැපෑලෙනුයි.
Male – පිරිමි/පුරුෂයා
Neela has a lot of male friends. – නීලාට ගොඩක් පිරිමි යහළුවන් සිටිනවා.
Wear/Where
Wear – ඇඳුම් ඇඳීම/ගෙවී යනවා
She prefers to wear bright colours. – ඇය දීප්තිමත් පාට අඳින්න වඩාත් කැමතියි.
Where – කොතැනද?
Where do they live? – ඔවුන් වාසය කරන්නේ කොතැනද?
Hear/Here
Hear – අහන්න
I can’t hear you. – මට ඔබව ඇහෙන්නේ නැහැ.
Here – මෙහි/මෙතන
Finally, he is here. – අවසානයේ, ඔහු මෙතැන.
Two/Too/To
Two – දෙක
There are two tigers in the zoo. – සත්ව උද්‍යානයේ කොටි දෙදෙනෙක් ඉන්නවා.
Too – බොහොම/අවශ්‍ය තරමට වඩා/ඕනෑවට වඩා
This dress is too expensive. – මේ ගවුම බොහොම මිල අධිකයි.
To – වෙත/දෙසට/දක්වා
He is writing a letter to his sister. – ඔහු ඔහුගේ සොහොයුරිය වෙත ලිපියක් ලියනවා.
Four/For
Four – හතර
The meeting is at four o’clock. – රැස්වීම හතරේ කණිසමට පැවැත්වේ.
For – වෙනුවෙන්/යමක් උදෙසා
I made a chocolate cake for you. – මම ඔබ වෙනුවෙන් චොක්ලට් කේක් එකක් හැදුවා.
Your/You’re
Your – ඔබගේ/ඔබේ
We are really proud of your achievement. – අපි ඔබගේ ජයග්‍රණය ගැන ඇත්තටම ආඩම්බරයි.
You’re – ඔබ : (You are) කෙටි කර ලිවීම
You’re my favourite singer. – ඔබ මගේ ප්‍රියතම ගායකයා.
අපි මෙහි සඳහන් කළේ උච්චාරණය එකම වුණාට ඒවාට විවිධ තේරුම් සහ විවිධ වෙනස් වූ අක්ෂර වින්‍යාසයක් තිබෙන වචන කිහිපයක් ගැන පමණයි. ඔබට මේ වගේ තවත් “Homophones” ගැන දැනගන්න පුළුවන් මේ පහත සඳහන් වීඩියෝව නැරඹීම තුළින්.
ඔබට දැන් මේ “Homophones” ගැන මූලික අවබෝධයක් ලැබෙන්න ඇති. මෙවැනි වචන ඔබ මතකයේ රඳවා ගන්න. එවිට ඔබට කවුරුන් හෝ දෙයක් කියද්දී නිවැරදි තේරුම එක් වරම හඳුනාගැනීමට හැකි වේවි.
යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
Selected images are extracted from pexels.com
[…] දැනගන්න “SayHello” තුළින් ඉදිරිපත් කළ “එක වගේ ශබ්ද වන ඒත් වෙනස් තේරුම් තිබෙන… ලිපිය […]