SayHello

ඉංග්‍රීසි කතාකරද්දී නිතරම ඕන වෙන Need to / Want to

Shares 1

යම් දෙයක් කිරීමට අවශ්‍ය / ඕන බව ප්‍රකාශ කිරීමට  අපි need සහ want වචන දෙක පාවිච්චි කරනවා. To කියන පදය යෙදීමෙන් යම් දෙයක් කිරීම”ට” කියන එක හැඟවෙනවා. අපි බලමු කොහොමද මේ  Need to / Want to කියන වාක්‍ය ඛණ්ඩ වාක්‍යක් ගොඩනගද්දී පාවිච්චි වෙන්නේ කියල.

කර්තෘ He, She, It, Man, Child, වගේ ඒක වචන පදයක් නම් needs / wants භාවිතා වෙනවා. නැත්තම් They, Cats, Women වගේ බහු වචන නම් හෝ ‘I’, ‘you’ නම් need / want භාවිතා වෙනවා.

තව විශේෂ කාරණයක් තියනවා. මෙතැනදී need සහ want වචන දෙක භාවිතා වෙන්නේ ටිකක් වෙනස් අර්ථයන් වලට. Need කියන්නේ අවශ්‍යයි කියන එක. හැබැයි want කියන්නේ ඕනේ කියන එක. පහල උදාහරණ ටික බැලුවම ඔයාලට තේරෙයි ඒ වචන දෙක භාවිත වෙන විදියේ තියන වෙනස්කම්. උඩ තියන වාක්‍ය රටාවේ තියන වර්ණ වලට ගැලපෙන්න උදාහරණ වල වර්ණ භාවිත කරලා තියනවා ලේසි වෙන්න.

 

මේ ආකාරයේ වාක්‍ය සැබෑ ජීවිතයේ භාවිතා වෙන විදිය SayHello App එකේ සංවාද මාලාවේ Getting shouted at by a customer,  Conversation based on physical health සහ තවත් සංවාද හරහා ඔයාලට ඉගන ගන්න පුළුවන්

Shares 1

Facebook Comments

Add comment