SayHello

ඉංග්‍රීසි කතාකරද්දී නිතරම ඕන වෙන Present Perfect Continuous

0 Shares

යම් කාලයක් තිස්සේ හෝ යම් වෙලාවක ඉඳන් මේ මොහොත වෙනකම් මොකක්හරි දෙයක් කරනවා කියන අර්ථය ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්න අපි මේ Tense එක පාවිච්චි කරනවා. වැඩේ පටන් ගත්ත කාල සීමාවට සාපේක්ෂව ඉතා නුදුරු අනාගතයේදී නතර වෙන බවට සාධකයක් නැති අවස්තාවකදී තමයි ගොඩක් වෙලාවට මේ වාක්‍ය රටාව භාවිත වෙන්නේ.

අපි දැන් බලමු කොහොමද present perfect continuous කාලයට අනුව වාක්‍යයක් ගොඩ නැගෙන්නේ කියල.

 

කර්තෘ He, She, It, Man, Child, වගේ ඒක වචන පදයක් නම් Has භාවිතා වෙනවා. නැත්තම් They, Cats, Women වගේ බහු වචන නම් හෝ ‘I’, ‘you’ නම් Have භාවිතා වෙනවා. ක්‍රියාපදය present continuous tense එකෙන් ‘ing’ අගට එකතු වෙලා තමයි යෙදෙන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. උඩ තියන වාක්‍ය රටාවේ තියන වර්ණ වලට ගැලපෙන්න උදාහරණ වල වර්ණ භාවිත කරලා තියනවා ලේසි වෙන්න.

 

මේ ආකාරයේ වාක්‍ය සැබෑ ජීවිතයේ භාවිතා වෙන විදිය SayHello App එකේ සංවාද මාලාවේ Getting shouted at by a customer,  Conversation based on physical health සහ තවත් සංවාද හරහා ඔයාලට ඉගන ගන්න පුළුවන්

Facebook Comments

0 Shares

Add comment