SayHello

සෙල්ලම් කරල ඉංග්‍රීසි හදාගන්න (English Games)

50 Shares

ඉංග්‍රීසි ඉගෙනගන්න නිර්මාණය කරලා තියෙන මේ ක්‍රීඩා කම්මැලි නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉතාම හොඳ විදියක්. මේ ලිපියෙදි අපි ඒ වගේ ක්‍රීඩා කීපයක් විස්තර කරනවා. ඒ ක්‍රීඩා,

  • ඉගෙන ගන්න කෙනා තුළ ආශාවක් ඇති කරනවා
  • අලුත් වචන ඉගෙන ගන්න එක සරල සහ විනෝදාත්මක කරනවා
  • ඉගෙන ගන්න තියන උනන්දුව වැඩි කරනවා
  • නිර්මාණශීලිත්වය සහ අවස්ථානුකූලව භාෂාව හැසිරවීමේ හැකියාවන් වර්ධනය කරනවා

සම්බන්ධක පද ක්‍රීඩාව

Link : http://www.funenglishgames.com/grammargames/conjunction.html

මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත්තේ සංකිර්ණ වාක්‍ය සකස් කිරීමේදී භාවිතා කරන සම්බන්ධක පද යෙදීම පුහුණු වීමට හා එම සම්බන්ධක පද වල නිවැරදි භාවිතය වටහා ගැනීම සඳහායි.මෙම ක්‍රීඩාවේ ලබා දී ඇති වාක්‍ය සකස් කිරීම මගින් ඉංග්‍රිසි භාශාවේ භාවිතා වන සම්බන්ධක පද බොහොමයක නිවැරදි භවිතය පිළිබඳව මනා දැනුමක් ලබා ගත හැක.තමන්ට පෙරදී සම්බන්ධක පද පිළිබඳව යම් ගැටළුවක් වූයේනම් මෙමගින් තව දුරටත් එම ගැටළු විසඳා ගෙන සම්බන්ධක පද නිවැරදිව යොදන ආකාරය මනාව පැහැදිලි කර ගත හැක.ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා මෙම ක්‍රීඩාව සුදුසු වේ.

මෙම ක්‍රීඩාව ඔබගේ සම්බන්ධක පද ගැන ඇති දැනුම පරීක්ෂා කරයි.ඔබට but,and,so,or වැනි මූලික සම්බන්ධක පද පිළිබඳව දැනුම තිබීම අවශ්‍ය වේ.සම්බන්ධක යනු වාක්‍ය හා වාක්‍ය කණ්ඩ සම්බන්ධ කිරීමට යොදා ගන්නා ව්‍යාකරණ වර්ගයකි, මෙම ක්‍රීඩාවේදී එක් වචනයක් සඳහා හිස් තැනක් සහිතව වාක්‍යක් පෙන්වයි,එමෙන්ම සම්බන්ධක පද සතරක් සහිත බුබුළු පාවෙමින් පවතී,ඔබට ඇත්තේ නිවැරදි හ ගැළපෙන සම්බන්ධක පදය තෝරා ඒ මත click කිරීමටයි.මෙම කුඩා වචන වල හරිම තේරුම දැනගෙන සිටීම ඉතා වැදගත් වේ,කිමද එම වචන වාක්‍යට සම්බන්ධ වී වාක්‍යට තේරුමක් ලබාදේ.ඔබ වාක්‍ය අවසන් කල විට,ඔබට එම වචනය එම හිස්තැන සඳහා සුදුසු වන්නේ ඇයිද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දේ.

Word Frog

Link : https://www.arcademics.com/games/frog

මෙම ක්‍රීඩාවේදී සමාන පද, විරුද්ධ පද හා සමනාම( එකම අක්ෂර වින්‍යාසයක් හෝ ශබ්ධයක් ඇති වචන)භාවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත හැක.එමෙන්ම මෙය ඉතාමත් විනෝදකාමී ක්‍රීඩාවක් වන අතර ඉතා ආසාවෙන් මෙහි නිරත විය හැක. ඔබට මෙමගින් විනෝදය මෙන්ම දැනුමද ලබා ගත හැක. මෙම ක්‍රීඩාවේදී පුරුදු පුහුණු වන එම වචන මාලාවෙන් ඔබට රසවත් ,අර්ථවත් වාක්‍ය නිර්මාණය කිරීමට,ලිවීමට,කතා කිරීමට හැකියාව ලැබේ.

මෙම ක්‍රීඩාව ආරම්භ වන්නේ ඔබට එය ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙමිනි.මෙහිදී ගෙම්බා ප්‍රධාන වචනය සමග මානෙල් කොළයක් උඩ වාඩිවී සිටී.විවිධ වචන සහිත මැස්සන් ගෙම්බා ළඟට ළඟා වෙමින් සිටී.ඔබේ ඉලක්කය නම් ගෙම්බා ළඟ ඇති ප්‍රධාන වචනයට සමාන අර්ථයේ වචනය ඇති මැස්සා උඩ click කිරීමයි.ඔබට ක්‍රීඩාව පටන් ගැනීමට පෙර ඔබට අවශ්‍ය වන්නේ සමාන වචනද,විරුද්ධ වචනද යන්න තේරිය හැක.මෙය ඔබේ වචන මාලාව සහ එම වචන වල තේරුම පිළිබඳව ඔබේ දැනුම පරීක්ෂා කිරීමට කදිම මාර්ගයකි.එමෙන්ම ඔබට අලුත් වචන සහ ඒවායේ තේරුම ඉගෙන ගත හැක.

Snake and Ladder

Link : http://www.eslgamesworld.com/members/games/grammar/New_Snakes_%20Ladders/Articles.html

මෙම ක්‍රීඩාව සෑම දෙනා අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වේ.මෙම ක්‍රීඩාවේ නියැලීමට ඔබ නිසැකවම කැමැත්තක් දක්වාවී.මෙමඟින් ඔබට විනෝදය මෙන්ම a, an ,the යන articles වල නිවැරදි භාවිතය පිළිබඳව මනා පුහුණුවක් ලබා ගත හැකිය.මෙම articles සෑම පුද්ගලයෙක්ටම වාගේ බොහෝ විට පැටලිලි සහගත දෙයකි.මෙම ක්‍රීඩාව මඟින් එම ස්වභාවය නැතිකර ඉතා ආසාවෙන් නිවැරදිව වාක්‍ය ගැළපීමේ පුහුණුව ලබාදේ.මෙම articles ඉංග්‍රිසි භාශාවේ ඉතා වැදගත් අත්‍යවශ්්‍ය කොටසක් වන බැවින් මෙහි නිවැරදි භාවිතය ඉගෙන ගැනීම ඉතා වැදගත් වේ.

මෙය නයි සහ ඉනිමං සහිත පරණ ක්‍රීඩාවකි.මෙහිදී ඔබ articles සහ ඒවා භාවිතා කරන ආකාරය දැනගෙන සිටිය යුතු වේ. වම් පසින් බෝඩ් ක්‍රීඩාව ඇති අතර දකුණු පස a , an, the, nothing යන articles සහිත තෝරා ගැනීම් කිහිපයකින් සම්න්විත ප්‍රශ්ණ තිබේ.ඔබ නිවැරදි පිළිතුර ලබා දුන් විට ඔබට කැටය සොලවා ක්‍රීඩාව කරගෙන යාමට අවසර ලබා දේ.මෙය ඔබට articles ඉගෙන ගැනීමට මෙන්ම වාක්‍ය රටා පුහුණු වීමට කදිම මාර්ගයකි.

මගේ නිවසේ ඇති දේ

Link : http://www.manythings.org/lulu/k2.html#

මෙය ක්‍රියාපද පිළිබඳ දැනුම වැඩි කර ගැනීමට නිමැවූ ක්‍රීඩාවක් වේ.මෙහිදී ඔබට එදිනෙදා කරන ක්‍රියාවන් සඳහා යොදා ගන්නා වචන මාලාව ඉගෙන ගැනීමට හා පුහුණු වීමට හැකියාව ලැබේ. ඉතා පහසුවෙන් ක්‍රීඩා කල හැකි ක්‍රීඩාවක් වන මෙය පින්තූර හා වචන ගැළපීම මුල් කරගෙන සිදුවේ. මෙම ක්‍රීඩාව පුහුණු වීමෙන් ඔබට එදිනෙදා ක්‍රියාකාරකම් ඉංග්‍රිසියෙන් පැවසීමට හැකියාවක් ලබා දේ.එමෙන්ම මූලික අවධියේ පුද්ගලයන් සඳහා කුඩා වාක්‍ය සැකසීමේ හැකියාවද ලබා දේ.

මෙම ක්‍රීඩාවේදී ක්‍රියාපදයක් දී ඇති අතර එයට ගැළපෙන ක්‍රියාව සහිත පින්තූරය ඔබ අනෙකුත් පින්තූර අතුරින් තේරිය යුතු වේ. මෙය ඔබට ක්‍රියාපද පුහුණු වීමට හා ඔබ එම ක්‍රියාපද නිවැරදිව තේරුම් ගෙන ඇත්දැයි බැලීමටද අවස්ථාව ලබා දේ. අපි එදිනෙදා සංවාදයන් වලදී නිතරම භාවිතා කරන නිසා ක්‍රියාපද වල නිවැරදි තේරුම වටහා ගැනීම ඉතා වැදගත් වේ.

 

50 Shares

Facebook Comments

Add comment