අපිට ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරද්දී Am/ Is/ Are නිතරම ඕනේ වෙනවා. වර්තමාන කාල වාක්‍ය වලදීයි මේ වචන අපි යොදාගන්නේ. මූලික වශයෙන් Am/ Is/ Are භාවිතා කරන්නේ කවුරුහරි ගැන එහෙමත් නැත්නම් මොකක් හරි දෙයක් ගැන විස්තර කරද්දී. අපි බලමු ඒ කොහොමද කියලා
අපි සිංහල භාෂාවෙන් යම්කිසි දෙයක් ගැන හරි පුද්ගලයෙක් ගැන හරි වාක්‍යයකින් කියන්නේ කොහොමද?
මම අමර
ගස් කොළ පාටයි
ළමයි හරිම දඟයි
ගොඩනැගිල්ල ඉතා විශාලයි
අපි දැන් බලමු ඒ උදාහරණ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා
I am Amara
Trees are green
Children are very playful
The building is gigantic
දැන් ඔබ බලනවා ඇති මේ වාක්‍ය මේ විදියට ඉංග්‍රීසියට හැදුනෙ කොහොමද කියලා. ඉංග්‍රීසි භාෂාවේ මෙන්න මේ නීති ටික හින්දා තමයි ඒ වාක්‍ය ඒ විදියට හැදුනේ.
අපි කලින් සඳහන් කරපු වාක්‍ය වල යම්කිසි දෙයක් විස්තර කරන වර්තමාන කාලයේ වාක්‍ය හින්දා am හරි is හරි are භාවිතා කරන්න ඕනේ.
‘මම’ එහෙමත් නැත්නම් ‘I’ නම් අනිවාර්යෙන් ‘am’ පාවිච්චි කරන්න ඕනේ
ඒක වචන පණ තියෙන හෝ නැති ඕන දේකට ‘is’ පාවිච්චි කරන්න ඕනේ.
බහු වචන පණ තියෙන හෝ නැති ඕන දෙයකට සහ ඔබ (you) යන වචන වලට ‘are’ පාවිච්චි කරන්න ඕනේ
දැන් අපි කලින් උදාහරණ ටික ඒ නීති වලට ගැලපෙනවද කියල ආපහු බලමු. පළවෙනි වාක්‍යය මම හින්දා am භාවිත වුණා. ළමයි සහ ගස් කියන්නේ බහු වචන හින්දා ඒ දෙකටම are පාවිච්චි වුණා. ගොඩනැඟිල්ල කියන්නේ ඒක වචන හින්දා is යොදාගත්තා.
I am Amara
මම අමර
Trees are green
ගස් කොළ පාටයි
The building is gigantic
ගොඩනැගිල්ල හරිම විශාලයි
Children are very playful
ළමයි හරිම දඟකාරයි
අපි දැන් කතා කළේ ඔව් එහෙමත් නැත්නම් ඇත යන අර්ථයේ වාක්‍ය.
දැන් බලමු මොකක්හරි දෙයක් නෑ කියලා විස්තර කරද්දි Am / Is / Are පාවිච්චි වෙන්නේ කොහොමද කියලා
එවැනි අවස්ථාවලදී පොඩි දෙයයි කරන්න තියෙන්නේ. Am / Is / Are වලට පස්සේ not කියන වචනය එකතු කරන්න විතරයි තියෙන්නේ. හැබැයි අපි මුලින් කියපු නීති ටික ඒ විදියටම භාවිතා කරන්න ඕනේ. අපි දැන් උදාහරණ කිහිපයකින් බලමු මෙවැනි නැත අර්ථය දෙන වාක්‍යය ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා.
මම නයනා නෙමේ
I am not Nayana
ඔහු උස නැහැ
He is not tall
සත්තු කම්මැලි නෑ
Animals are not lazy
අහස රතුපාට නැහැ
The sky is not red
ඉහත සඳහන් කරපු සියළුම උදාහරණ වර්තමාන කාලයේ එහෙමත් නැත්තම් දැන් සිදුවන දේවල් ගැන විස්තර කරන ඒවායි. අපි දැන් බලමු කොහොමද අතීත කාලයේ දෙයක් විස්තර කරන්නේ කියලා. එය ඉතාම පහසුයි. ඔබට මතක තබාගන්න තියෙන්නේ;
am සහ is කියන වචන දෙකම අතීත කාලයට හරවද්දී was වන බවත් are කියන එක අතීත කාලයට හරවද්දී were වෙනවා කියන එක විතරයි.
අපි උදාහරණ ටිකක් අරන් බලමු;
Our house was small
අපේ ගෙදර පොඩිවට තිබුණේ
I was lazy
මම කම්මැලිව හිටියා
All the chairs were old
ඔක්කොම පුටු පරණ වෙලා තිබුණෙ
Her parents were very kind
ඇගේ දෙමව්පියෝ හරිම කරුණාවන්ත වුණා
අතීත කාල නැත යන අර්ථය දෙන වාක්‍යය වලදීත් කලින් වගේම was / were ට පස්සෙ not කියන එක එකතු වෙනවා.
මේ වචන ප්‍රායෝගිකව යොදා ගනිද්දී ඒවා කෙටි කරලා භාවිතා කරනවා. ඒ කොහොමද කියලා දැන් බලමු.
I am – I’m; I was – I was
He is – He’s; He was – He was
She is – She’s; She was – She was
It is – It’s; It was – It was
They are – They’re; They were -They were
You are – You’re; You were – You were
am not – ’m not; Was not – Wasn’t
is not – isn’t; Were not – Weren’t
are not – aren’t
පහත තිබෙන්නේ එලෙස එම වචන කෙටියෙන් යොදාගත් වාක්‍යය කිහිපයක්.
I’m Supuni
මම සුපුනි
She’s very beautiful
ඇය හරිම ලස්සනයි
They weren’t quiet
ඔවුන් නිශ්ශබ්ද ව හිටියේ නැහැ
am / is / are / was / were වචන යොදාගෙන ප්‍රශ්න අහන්නත් පුළුවන්. එවිට ඔබට කරන්න තියෙන්නේ, am / is / are / was / were යන වචන වාක්‍යය මැද්දෙන් අයින් කරලා මුලට යොදන්නයි. නැත යන අර්ථයෙන් not යන වචනයත් එක්ක නම් තියෙන්නේ කෙටි කරපු ආකාරයෙන් ගෙනත් not එකත් එක්කම වාක්‍යයේ ආරම්භයට යොදන්න ඕනේ. හැබැයි am එක්ක not තියනවනම් විතරක් Am I not කියල වාක්‍යයේ මුලට යෙදෙනවා
අපි උදාහරණ ටිකක් විමසා බලමු.
Are you Saman?
ඔයා සමන් ද?
Is she from China?
ඇය චීනයෙන්ද?
Was the concert amazing?
ප්‍රසංගය නියමෙට තිබුනද?
Aren’t you the new manager?
ඔයා නෙමේද අලුත් කළමනාකාරවරයා?
Isn’t it beautiful?
ඒක ලස්සන නැද්ද?
Am I not loud enough?
මම කතාකරනවා සද්දේ මදිද?
Were they intelligent?
ඔවුන් බුද්ධිමත් වුනාද?
Weren’t they generous?
ඔවුන් ත්‍යාගශීලී වුණේ නැද්ද?
මෙන්න මේ විදිහට තමයි am / is / are / was / were යන වචන වර්තමාන කාලයේදී හෝ අතීත කාලයේදී හෝ සිදුවුණ/සිදුවුණු දෙයක් ගැන විස්තර කිරීම්දී හා ප්‍රශ්නයක් ඇසීමේදී යොදාගන්නේ. මේ ලිපියෙන් ඒ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියා අප විශ්වාස කරනවා.
Add comment