SayHello

ඔබේ ඉංග්‍රීසි වචන මාලාව වැඩි දියුණු කරගැනීමට ලෙහෙසි ක්‍රම 7ක්

0 Shares

ඔබගේ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්නට විශිෂ්ඨ විදිහක් තමයි ඔබේ වාග්මාලාව වැඩි දියුණු කර ගැනීම. ඒ තුළින් ඔබට වඩාත් පැහැදිලිව සහ නිවැරදිව කතා කරන්නටත් ලිවීමටත් හැකි වෙනවා මෙන්ම අන් අයට ලෙහෙසියෙන් ඔබව තේරුම් ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙයින් ඔබගේ ඵලදායි බව සහ විශ්වාසය ගොඩනැඟෙනවා. මෙම ලිපියෙන් අපි ඔබට ඔබගේ වචන මාලාව වර්ධනය කරගන්නට හැකි වන ලෙහෙසි ක්‍රම කිහිපයක් කියා දෙනවා. ඔබට ඒවා තනිවම ඉගෙන ගැනීමට හෝ මිතුරෙක් හෝ පවුලේ සාමාජිකයෙක්ට ඔබත් සමඟම එය ඉගෙන ගන්නා ලෙසට අභියෝග කරන්නටත් පුළුවන්.

සෑම දිනකම අළුත් වචනයක් ඉගෙන ගන්න

ඔබගේ වචන මාලාව ඉක්මනින් වර්ධනය කරගන්නට නම්, සෑම දිනයකම එකඳු හෝ අළුත් වචනයක් ඉගෙන ගැනීමට උත්සාහ දරන්න. මෙය සිදු කිරීමට බොහෝ විධි තිබෙනවා. ඔබට පුළුවන් පුවත්පතකින් හෝ සඟරාවකින් වචනයක් සොයාගන්න. නැතිනම් dictionary.com වැනි වෙබ් අඩවියක ඊ මේල් එවනා ලැයිස්තුවකට එකතු වෙන්න (subscribe) පුළුවන්. එහෙමත් නැතිනම් ඉතා සරලව thesaurus තුළින් හෝ ශබ්දකෝෂයකින් අළුත් වචනයක් තෝරාගන්න.

ජර්නලයක් පවත්වාගෙන යන්න

දිනපතා අළුත් වන ඔබ සොයාගන්නා නව වචන වල ලැයිස්තුවක් පවත්වාගෙන යෑම ඉතා හොඳ අදහසක්. එයින් ඔබට ඒවා නැවත නැවත කියවා බලා ඔබගේ දෛනික වාග්මාලවට හිමින් එකතු කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එයට අමතරව සියළුම නව වචන අඩංගු ජර්නලයක් පවත්වාගෙන යෑම තවත් නව වචන ඉගෙන ගැනීමට ඔබව දිරිමත් කරන්නට සමත් වනවා. විශේෂයෙන්ම ඔබ කොතරම් නව වචන ඉගෙන ගෙන තිබේදැයි ඔබම දුටු විට.

ඔබත් සමඟ ශබ්දකෝෂයක් රැගෙන යන්න.

ඔබට කරන්නට කිසි දෙයක් නැති නිදහස් වෙලාවන් ඔබට කොතරම් ලැබෙනවාද? ඔබට පුළුවන් ඔබ යම් පෝලිමක ඔබේ වාරය පැමිණෙන තෙක් රැඳී සිටීමේදී, ඔබගේ දිනපතා ගමන් වාර වලදී, බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටියදී වැනි අවස්ථාවලදී ඔබගේ වචන මාලාව වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට සාක්කු ශබ්දකෝෂයක් රැගෙන යන්න. ඔබට ලැබෙන විවේකී මිනිත්තු කිහිපයකදී ඉන් පිටුවක් දෙකක් කියවා නව වචනයක් ඔබට ලැයිස්තුවට එක් කරගන්න. ඒ වගේම ඔබට එම කාලය යොදාගන්න පුළුවන් ඔබගේ එදිනෙදා ජීවිතයේදී හමුවන නුහුරු වචන ගැනත් අවධානය දක්වන්න.

සබඳතා ගොඩනගන්න

අළුත් වචනයක් ශබ්ද නඟා කීමෙන් ආරම්භ කොට එය ඔබ දැනටමත් දන්නා වචනයකට ගළපන්න. මෙයට හොඳ උදාහරණයක් තමයි ‘huge’ එහෙමත් නැත්තම් ඉතා විශාලයි කියන එක. මෙහි වචන එන රටාව ඔබ ශබ්ද නඟා කියවන්න: small, medium, large, very large, huge. ඊළඟට ඔබ ඉතා විශාල යයි සිතනා දේවල් ලැයිස්තු ගත කරන්න.

කියවන්න, කියවන්න සහ කියවන්න

සෑම දිනකම යම් දෙයක් කියවීමට උත්සහ කරන්න, විශේෂයෙන්ම නවකතා, සඟරා සහ පුවත්පත් ආදිය. ඔබ කියවනා තරමට ඔබ අළුත් වචන වලට නිරාවරණය වනවා. ඔබ කියවමින් අළුත් වචන වල තේරුම් සොයා යද්දී එහි සඳහන් වන වාතාවරණයට අනුව එහි අදහස සොයාගැනීමට උත්සහ ගන්න. ඒ වගේම ඔබට ඒවායේ තේරුම සොයා ගැනීමට ශබ්දකෝෂයක් භාවිත කරන්නටත් හැකියි.

වාක්‍ය සාදන්න

ඔබ නව වචනයක් සොයාගත් විගසම එහි තේරුම බලා එය ඔබගේ ජර්නලයේ සටහන් කරගන්න. ඉන්පසු සොයාගත් නව වචනය යොදාගෙන අඩුම තරමේ වාක්‍යය පහක්වත් සාදන්න. මෙයින් ඔබට එම වචනයේ තේරුම හොඳින් ධාරණය වනවා වගේම එය එදිනෙදා සංවාද වලදී භාවිතා කළ හැකි ආකාරය ගැන නිසි අවබෝධයක් ලැබෙනවා.

සංවාදයේ නිරත වන්න.

සරලවම අන් අය සමඟ සංවාද වල නිරත වීම ඔබට නව වචන සොයාගැනීමට බෙහෙවින් උපකාරී වනවා. කියවීමේදී වගේම කතා කරද්දීත් නව වචනයක් ඇසුණු විට එය පසුව අධ්‍යනය කිරීම සඳහා හොඳින් මතක තබාගන්න. ඉන් අනතුරුව සෙමින් එය ඔබගේ වචන මාලාවට එකතු කරගන්න.

Images extracted from Shutter stock and Pexels.com

Images extracted from Shutter stock and Pexels.com

0 Shares

Facebook Comments

Add comment