SayHello

ඉංග්‍රීසි භාෂාවේ සන්නිවේදන කුසලතා.

0 Shares

ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දිහා බැලුවාම අපිට පේන කාරණාවක් තමයි හොඳින් සන්නිවේදනය කරන්න, ඔවුන්ට ඇති හැකියාව. හොඳට හිතලා බැලුවොත්, අපි අපේ සන්නිවේදන හැකියාවන් දියුණු කර ගන්නවා කියන්නේ, ඒක අපිට ලැබෙන වටිනා කියන තෑග්ගක්. එදිනෙදා ජීවිතයේ දී හමුවෙන පුද්ගලයන්ට අපේ අදහස් වඩාත් හොඳින් සන්නිවේදනය කරන්න පුලුවන් නම්, ඒ අය එක්ක අපිට ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. 

මානව පරිණාමයත් එක්ක වඩාත් පහසුවෙන් සන්නිවේදනයට යොදාගන්න පුළුවන් වුණු, වැඩි දෙනෙක් භාවිතා කළ භාෂා මිනිස්සු අතර වඩාත් ප්‍රචලිත වෙන්න පටන්ගත්තේ මුළු ලෝකයම එකිනෙකා හා සම්බන්ධ කරමින්. ඉංග්‍රීසි භාෂාව ට ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ලැබුණා.

කොහොම ද අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ?

අනෙක් භාෂා වගේම ඉංග්‍රීසි භාෂාවත් හරි ආකාරව යොදාගෙන සන්නිවේදනය කරන්න, කුසලතා හතරක් වැඩි දියුණු කරගන්න වෙනවා. මොනව ද මේ සන්නිවේදන කුසලතා හතර?

01. ශ්‍රවණය (Listening) 

භාෂාවක් යොදාගනිමින් සන්නිවේදනය කරන්න අවශ්‍ය මූලික අඩිතාලම වැටෙන්නේ ශ්‍රවණය හරහා. සිංහල භාෂාව නිතර ඇහුණු නිසා, අහපු නිසා වඩාත් පහසුවෙන් අද අපිට, අපේ භාෂාව හසුරවන්න පුළුවන් වෙලා තියෙනවා.

ඒ වගේම තමයි, ඉංග්‍රීසි භාෂාවත්. හොඳ අවධානයකින් සවන් දුන්නොත් සිංහල භාෂාව වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් ශ්‍රවණය වෙන්න පටන් ගන්නවා.  

ඉංග්‍රීසි ගීත, චිත්‍රපට, වාර්තා වැඩසටහන්, ප්‍රවෘත්ති ආදියට සවන් දීම තුළ ඉංග්‍රීසි ශ්‍රවණ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්.

මේ විදියට කාලයත් එක්ක වචන හඳුනාගැනීම, වාක්‍ය ඛණ්ඩ හඳුනා ගැනීම සහ ඒවායේ භාවිතාව, නිවැරදි වචන උච්ඡාරණය වගේ බොහෝ දෑ ඔබට ශ්‍රවණය හරහා ඉගෙන ගන්න පුළුවන්.   

02. කථනය (Speaking)  

ඇයි අපි කතා කරන්නේ?

අපේ අදහස් ප්‍රකාශ කරන්න, අන් අයගේ අදහස් දැනගන්න අපි කතා කරනවා. කතා කරන්න අපිට වචන ඕනෑ වෙනවා.

මූලික වශයෙන් පුද්ගලයෙක් කතා කරන්න අවශ්‍ය වචන එකතු කරගන්නේ ශ්‍රවණය හරහා. ඒ නිසා, නිවැරදිව ඉංග්‍රීසි භාෂාවේ වචන හෝ වාක්‍ය ඛණ්ඩ ශ්‍රවණය කිරීම සහ ඒවා නිවැරදිව කතා කරන්න පුහුණු කිරීම තුළින් අපිට ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්නට හැකියාව ලැබෙනවා.

පුද්ගලයෙක් හා අවම වශෙයන් විනාඩි 05ක කාලයක්වත් සංවාද කිරීම හරහා අපිට ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කරගන්න පුළුවන්.

03. කියවීම (Reading)

කියවීම කියන්නේ ඉගෙනීමේ කුසලතාවයක්. කියවීම අපිට ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම කොටස් වැඩි දියුණු කර ගන්න උපකාරී වෙනවා. ඒ කියන්නේ වචන මාලාව, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ සහ ලිවීම ආදී කොටස්.

කියවීමේ කුසලතාවය වර්ධනය කරගැනීම තුළ අපිට, විවිධ කරුණු කාරණා පහසුවෙන් ග්‍රහණය කරගන්න හැකියාව ලබා දෙනවා.

ඉංග්‍රීසි පුවත්පත්, ලිපි, පොත්, සඟරා ආදිය කියවීම පුරුද්දක් කර ගැනීම එම භාෂාව ප්‍රගුණ කරගන්න අපිට උපකාරී වෙනවා.

04. ලිවීම (Writing)

ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීම තුළ අපිට දෛනික ජීවිතයේ සන්නිවේදන කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමට අවශ්‍ය මග පාදා දෙනවා. වචනමාලාව සහ වාක්‍ය ව්‍යුහය පිළිබඳ හොඳ අවබෝධයක්, ලිවීම හරහා ලැබෙන අතර අනෙක් භාෂා කුසලතා සම්පූර්ණ කරගන්නත් එය උපකාරී වෙනවා.

භාෂාව පිළිබඳ නිසි දැනුමක් ඇති ගුරුවරු යටතේ ලිවීම ප්‍රගුණ කිරීම තුළ අපට එහි විශිෂ්ටයන් බවට පත්වන්නට අවශ්‍ය ඉඩ සැලසෙනවා.

මේ කුසලතා හතර හොඳින් වැඩි දියුණු කර ගැනීම තුළ, අපි වඩාත් හොඳ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතාවන්ගෙන් හෙබි පුද්ගලයෙක් වන බව සහතික කරන්න පුළුවන්.

සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිහින් තාක්‍ෂණය උපයෝගී කරගෙන ඉංග්‍රීසි ඉගෙන ගෙන තරඟකාරී ලෝකය ජය ගන්න අපිට අද හරිම ලේසියෙන් පුළුවන්.

ඉතින් ඇයි තවත් පරක්කු වෙන්නේ? දැන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය මූලික පියවර තියමු.

Facebook Comments

0 Shares

Add comment