SayHello

සමානාර්ථ පද (synonyms) යොදාගෙන අපි ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්නේ කොහොම ද?

0 Shares

Summary

ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපේ එදිනෙදා ජීවිතයේ හෙට දවස හදාගන්න උදව් කරන මෙවලමක්. ඒ විතරක් නෙමෙයි, ඉංග්‍රීසි භාෂාවේ ඇතුළේ කරණම් ගහන්න පුළුවන් කියන්නේ, අපි අපේ ජීවිතේ තවත් අඩි ගණනක් ඉස්සරට ගිහින් කියන එකයි. ඉතින් ඒකට උදව් වෙන ‘synonyms’, එහෙමත් නැත්නම් සමානාර්ථ පද ගැන තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ.

Content

සමානාර්ථ පද, එහෙමත් නැත්නම් synonyms කියලා කියන්නේ, එකම තේරුම තියෙන වචන ගොඩකට.

එකම වචනයක් නැවත නැවත කියද්දී කිසිම කෙනෙකුට ඒක අහන් ඉන්න හෝ කියවන්න හිතෙන්නේ නෑනේ. අන්න ඒ නිසා විවිධත්වයක් ඇති කරන්න සහ වඩාත් සාර්ථකව සන්නිවේදනයේ යෙදීමට ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ හැදෑරීමේදී හමුවෙන, වඩාත් සිත්ගන්නා සුළු කොටසක් තමයි synonyms කියල කියන්නේ.

උදාහරණයක් විදියට beautiful කියන වචනය ගත්තොත්; gorgeous, attractive, stunning, exquisite, good-looking, ravishing වගේ ආකාර කීපයකටම අපිට ඒ වචනය කියන්න පුළුවන්. භාවිතය අනුව, අර්ථයේ පොඩි පොඩි වෙනස්කම් තිබුණත්, මේ වචන එකතු කරලා අපිට වැඩි මහන්සියක් නැතුව හරි අපූරුවට භාෂාව හසුරුවන්න පුළුවන්.

මොනවා ද synonyms වලින් ලැබෙන වාසි?

එදිනෙදා ජීවිතයේ වැඩ කරගෙන යන්න ඕන වෙන ලියුම්, e-mail, කෙටි පණිවිඩ, සමාජ මාධ්‍ය භාවිතයට විතරක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් කතාවක් කරන්න වුණත් බය නැතුව ලස්සනට භාෂාව හසුරුවන්න අපිට synonyms උදව් වෙනවා.

ජීවිතයේ විවිධ අවස්ථාවල හමුවෙන ඕනෑම පුද්ගලයෙක් එක්ක, වඩාත් ඵලදායි විදියට සන්නිවේදනය කරන්න synonyms අපිට යොදාගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, අහන් ඉන්න කෙනාට අපි  ගැන තියෙන ප්‍රතිරූපය සම්පුර්ණයෙන්ම ධනාත්මක පැත්තට හරවන්න, මේ පොඩි වචනයක් වෙනස් කරන එකෙන් පුළුවන් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද? ඇත්තම කිව්වොත් ඒ හරහා සමාජය අපිව, ආකර්ෂණීය වාග් විලාසයක් ඇති පුද්ගලයෙක් විදයට හඳුනා ගන්නවා.

කොහොම ද synonyms හොයාගන්නේ?

හරිම ලේසියි. පුළුවන් තරම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොත්, සඟරා, පුවත්පත් ආදිය කියවන්න. ඉංග්‍රීසි චිත්‍රපට, වාර්තා වැඩසටහන්, ප්‍රවෘත්ති අහන්න-බලන්න. කොළයක්-පැන්සලක් අරගෙන, ඒවා ඔස්සේ ඇහෙන වචන සටහන් කරගන්න. තේරෙන්නේ නැති වචන වල තේරුම ශබ්දකෝෂයක් උදව්කරගෙන හොයන්න.

ඇයි ඉතින් Google කරා නම්, ඕක තත්පරෙන් හොයාගන්න පුළුවන් නේ!

ඊට අමතරව, Synonyms, Thesaurus, Word Hippo වගේ වෙබ් පිටුවලට ගිහින් ඕනෑ තරම් වචන සහ ඒවාට සමානාර්ථ ඇති වචන හොයාගන්නත් පුළුවන්.

ඒ වගේම, ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා භාෂා ප්‍රවීණයන්ගේ ද සහ ඇතිව නිර්මාණය කරලා තියෙන ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් භාවිතා කරලත් හරි පහසුවෙන් මේ අපිට සමානාර්ථ පද ඉගෙන ගෙන, ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න පුළුවන්.

Facebook Comments

0 Shares

Add comment