SayHello

සිංහල සහ ඉංග්‍රීසි එක වගේද?

0 Shares

කොහේ හිටියත් ඉංග්‍රීසි ඉගෙන ගන්න විදියක් ඔයාට තියෙනවද? 

අද අපි කතා කරන්නෙ මේ ගැන ඇති ගැටලු ගැනයි. 

 

ඉංග්‍රීසි කියන්නෙ වෙනම භාෂාවක්. මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕනේ සිංහල වචන සහ ව්‍යාකරණ ඒ විදියටම ගලපමින් ඉංග්‍රීසි පුරුදු වෙන්න බැරි බව. 

ඉංග්‍රීසිවල  ඇති අකුරු සහ වචන ,ශබ්ද කරන ආකාරය එකිනෙකට හාත්පසින් වෙනස් වන අවස්ථා  එමටයි. 

එහෙනම් මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕනේ , සිංහල  සමග ඉංග්‍රීසී භාෂාව ගලපන්න යන එකෙන් ඔයාලාට හොඳක් වෙන්නෙ නැතිබව.

උදාහරණයක් කියන්නම් ;

ඔයාලා සමහර වෙලාවට noodles කියන වචනය කිව්වෙ, නූඩ්ලස් විදිහට වෙන්නැති. ඒත් නිවැරදිව එය උච්චාරණය කරන්නෙ නූඩ්ල්ස් කියලා. ලෙස ය. Pool ෆූල් ලෙසත්, wednesday වෙඩ්න්ස්ඩේ ලෙසත් වැරදි විදිහට කතා කිරීමේ ප්‍රධාන හේතුව,

සිංහල  භාෂා රටාව සමඟ  ඉංග්‍රීසි භාෂාව සසඳන්න ගිය එකයි.. 

ඉංග්‍රීසී භාෂාව කතා නොකරන වටපිටාවක සිට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද? 

ඔයාලගේ මව් භාෂාව හැර වෙනත් ඕනම භාෂාවක් ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙන්න ලොකුම හේතුව විදිහට ගොඩක් අය කියන්නෙ,ඒ භාෂාවෙන් කතා කරන්න, ලියන්න  කියල දෙන්න කෙනෙක් වටපිටාවෙ නැහැ  කියන එක.

හරි.. දැන් ඒකට ඔයාලාට හොඳ උත්තරයක් දෙන්න යන්නෙ.

අපි මේ ගැන පුංචි කාලෙට ගිහින් හිතමු.

කොහොමද අපි අපේ මව් භාෂාට හුරු උනේ?

අපිට පොඩි කාලේ ඉඳන් කියා දෙනවා කෑම වල නම්, සත්තුන්ගේ නම්, කරන කියන දේවල් වල නම්. ඒ කියල දෙන ඒවා අපිම හිතලා කරන්න  ගන්නවා ඊට පස්සෙ. 

උදාහරණයක් විදිහට : 

“මට දැන් ඉඳගන්න අවශ්‍යයි. 

මම ඉඳගන්නවා” 

කියන දේ ඔයාලා ඒ වචන වලින්ම හිතනවා නේද?

…හරි.

ඒ වෙනුවට ඔයාලා,

“i’m going  to sit… 

i need to sit down..” 

කියලා ඒ ක්‍රියාව කරන ගමන් සිංහල  වෙනුවට ඉංග්‍රීසි භාෂාවෙන් හිතන්න.ටික ටික හිතන්න. පැන්සලක් දැක්කාම pencil කියලා හිතන්න.. ටික ටික ඔයාලාගේ වචන ලැයිස්තුව ලොකු කරගන්න.

වටපිටාවේ ගනුදෙනුවට කවුරුවත් ඕනේ නෑ… ඔයාලා එදා එදා කරන වැඩ වලට ;ඒ වැඩ ගැන හිතන ක්‍රමේට දවසින් දවස අලුත් ඉංග්‍රිසි වචන එකතු කරගන්න…මේ ප්‍රැක්ටිකල් dictation. 

ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙනගන්න හරි අමාරුයි නේද?

ඉංග්‍රීසි ව්‍යාකරණ හෙවත් ග්‍රැමර්(Grammar)  ඉගෙනගන්න ආමාරු  ඉහත සඳහන් පලවෙනි ප්‍රශ්නේ නිසා.

ඔයාලා සාමාන්‍ය එදිනෙදා කතා කරන මව් භාෂාවෙ රීතී සහ ඉංග්‍රිසි භාෂාවේ රීතීන් ගලපගෙන මෙය ඉගෙනගැනීමට යෑමමයි මේ ප්‍රශ්නෙට හේතුව. 

මෙක අලුත් භාෂාවක් ඉගෙනගන්නා ආකාරයටම ඉගෙනගන්න ; උත්සහවන්‍ත වෙන්න.

අද අපේ පාඩම සාරංශ කලොත් කෙටියෙන් මෙච්චරයි ඔයාලාට කරන්න තියෙන්නෙ.

1.අලුත් භාෂාවක් ලෙස ඉගෙනගන්න

2.ඉංග්‍රීසියෙන් හිතන්න.

මීලඟ සටහනෙන් අපි ඔයාලාට ඔයාලාගේ English Vocabulary එක වැඩි දියුනු කරගන්නෙ කොහොමද කියලා දෙන්නම්. මීළග සටහනේදි හමුවෙමු. 

ඕනෑම ප්‍රශ්නයක් ඇත්නම් විමසන්න .

Facebook Comments

0 Shares

Add comment