SayHello

නව වචන ඉගෙනීම දිනපතා පුරුද්දක් කර ගැනීමට උපදෙස් හතරක්.

0 Shares

ඔයාලා හැමෝම දන්නවා දක්ෂ ඉංග්‍රීසි කථිකයෙකු වන්න නම්  එහි වචන මාලාව පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුය. ඔයාට ව්‍යාකරණ මඟ හරින්න පුළුවන් නමුත්, භාෂාවේ වැදගත්ම අඩිතාලම වන ‘වචන’ මගහැරිය නොහැක. එහෙමයි කියල අපිට එක දවසින් ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් කටපාඩම් කරන්න බැහැනේ!

ඔන්න අපි දැන් ඔයාට ඒකට උදව් කරන්නයි යන්නේ.

  1. මිනිත්තු දහයක් විස්සක් පාඩම් කරන්න

දවසට මිනිත්තු දහයෙ සිට විස්ස දක්වා කාලයක් වචන පාඩම් කරනවාමයි කියලා ඉලක්කයක් හදාගෙන ඒකට කැප වෙන්න. දවසට එක් වචනයකින් ආරම්භ කර ක්‍රමයෙන් එය දවසට වචන දෙකේ සිට පහ දක්වා වැඩි කරන්න. ඒ ගමන් ඔයා ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මට ගත කළ හැකි උපරිම කාලය කොපමණද? සෑම දිනකම මිනිත්තු විස්සක් වෙන් කළහොත් මට මගේ ඉලක්කය සපුරන්න හැකිවේද? වැදගත්ම දෙය නම් ඔයා දිනපතා ඉංග්‍රීසි ඉගෙනීම පුරුද්දක් කර ගන්න ඕනි. මතක තියා ගන්න. දවසට මිනිත්තු පහළොවක් පාඩම් කරනවා නම් සතියකට වරක් පැය භාගයක් පාඩම් කරනවාට වඩා ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්.

  1. වචන මාලා සටහන් කරන්න පොතක් තියාගන්න

ඔයා ඉගෙන ගන්න වචන සියල්ල එක තැනක තබා ගන්න පුරුදු වෙන්න. අපි පොතක ලියන්න කිව්වට පොතක්ම වෙන්න ඕනි නැහැ. ඔයාට ඕනි නම් මේ සඳහා ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ යෙදුමක් භාවිතා කරන්න පුළුවන්. වැදගත්ම දේ ඔයා ඉගෙන ගත්තු වචන කොහේ හරි එක තැනක ලියලා තියෙන එකයි. එතකොට ඔයාට පුළුවන්නේ ඒ වචන නැවත නැවත බලන්න.

  1. කවදාවත් වචනයක තනි තේරුමක් විතරක් පාඩම් කරන්න එපා

වචන මාලාව පුළුල් කරගන්න තියෙන හොඳම විදිහක් තමයි ඒ වචන වල නිසි භාවිතය ඒ සමගම ඉගෙනීම.

උදාහරණයක් ලෙස: ‘Get away with’ යන යෙදුම ‘Get away from’ යන්නට වඩා වෙනස් ය. පළමු යෙදුමේ තේරුම ‘යමක් මග හැරීම හෝ පැන යාම’ වන අතර දෙවන යෙදුමේ තේරුම ‘වැරදියට කළ ක්‍රියාවකින්, දොස් පැවරීමකින්, දඬුවමකින් පැනයාම’ යන්නයි.

  • I want to get away from our house – මට අපේ නිවසින් පැන යාමට අවශ්‍යයි.
  • He thinks he can get away with cheating – ඔහු හිතන්නේ බොරුවක් කරලා ඔහුට ගැලවෙන්න පුළුවන් කියලා.
  1. ඔබේම උදාහරණ තුන හතරක් ලියන්න

අපි නිතරම  කියන දෙයක් තමයි ලිවීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉගෙන ගන්න කෙනෙක්ට වචනයට හුරු වීමට එය ප්‍රායෝගිකව භාවිත වන හැටි අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔයාගේ නව වචන මාලාව පුළුවන් හැමවෙලේම භාවිතා කරන්න වග බලා ගන්න.

ඔයාට දවසකට වචනය බැගින් ඉගෙන ගන්න ඕනෑම app එකක් වෙබ් අඩවියක් භාවිත කරන්නත් පුළුවන්. අන්තර්ජාලයේ මේ සේවාව සපයන නොයෙකුත් මුලාශ්‍ර දැන් ගොඩක් තියෙනවා. A.Word.A.Day (AWAD), Oxford English Dictionary ඒවාට හොඳම උදාහරණ කීපයක්. මීට අමතරව අපගේ app එකේ තියෙන “WORD OF THE DAY” මගිනුත් ඔයාට ලේසියෙන්ම මේ සේවාව ලබාගන්න පුළුවන්.  හිතන්න! දවසකට එක වචනය ගානේ ගත්තොත් අවුරුද්දකට ඔයාට වචන 365ක්ම ඉගෙන ගන්න පුළුවන්.  එහෙනම් අදම පටන් ගන්න. සුබ පැතුම්!

Facebook Comments

0 Shares

Add comment