SayHello

නවතම සොයාගැනීම: සෑම දිනකම අලුත් වචන ඉගෙන ගැනීමෙන් ඔබට වඩාත් දක්ෂ විය හැකිය.

0 Shares

පාසල් යන කාලේ වගේ නෙවෙයි. දැන් අපි බොහෝ දෙනෙක් නව ඉංග්‍රීසි වචන ඉගෙනීමේ පුරුද්දෙන් බැහැරව වෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? එයින් අදහස් වන්නේ ජීවිතයේ කාර්යබහුල බවත් එක්ක අපගේ වචන මාලාවේ පරාසය වැඩි දියුණු කිරීම සඳහා අපි සැමවිටම ක්‍රියාශීලීව නව වචන සොයන්නේ නැති බවයි. කෙසේ වෙතත්,නව වචන ඉගෙනීමේ පුරුද්ද වර්ධනය කර ගැනීම ඔබේ ජීවිතයේ බොහෝ අංශවලට ප්‍රයෝජනවත් විය හැකිය.

නව වචන ඉගෙනීම ඔබ වඩාත් දක්ෂයෙක් කරන්නේ කෙසේද?

මෑතකදී කරන ලද අධ්‍යයනයකින්  නව වාග් මාලාව ඉගෙනීම, මොළයේ විවිධ අංශ කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සොයා බලන ලදී. එහිදී  කෙනෙකුගේ වචන මාලාව, බුද්ධිය සහ සැබෑ ලෝක හැකියාව අතර සහසම්බන්ධය ඉතා කුඩා අවධියේ සිට වැඩිහිටි විය දක්වාම පවතින බව සොයාගෙන ඇත. ඊට අමතරව නව වචන ඉගෙනීම මගින් මූලික වශයෙන් අපගේ ක්‍රියාකාරී මතකය මෙන්ම අප අවට ලෝකය සමඟ වඩාත් කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර අපගේ ඉදිරි දර්ශන සහ සන්නිවේදන මාර්ග සියුම් ලෙස විවර කරන බවද තව දුරටත් සොයාගෙන ඇත.

අපගේ ක්‍රියාකාරී මතකයට විශාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කර  තබා ගත හැකි බැවින්, ‘නව වචන ඉගෙනීම’ තොරතුරු රඳවා ගැනීමට අපගේ මොළයට උපකාරී වේ. අප ඉගෙන ගන්නා සෑම නව වචනයක්ම අපගේ දිගු කාලීන මතකයට ඇතුල් වේ. ඇත්ත වශයෙන්ම එමගින් සෑම වචනයක් සමඟම තවත් බොහෝ තොරතුරු දැනගැනීමට අපට පුළුවන් වේ. එවිට අපට වඩාත් පහසුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හැකි වනු ඇත.

‘නව වචන ඉගෙනීම’ පුරුද්දක් කරගැනීමේ ක්‍රම

ඔබ දැනටමත් යම්තාක් දුරට වචන මාලාව  දන්නවා යැයි අපි සිතමු. නමුත් එය සැමවිටම ඊටත් වඩා පුළුල් කළ හැකිය.

  1. නව වචන සැබවින්ම සැලකිල්ලට ගන්න (notice new words)

කියවීම, රූපවාහිනිය නැරඹීම හෝ අන් අය සමඟ කතා කිරීම තුළින් අපට දිනපතා නව වචන හමු වේ. ඒ හැම වෙලාවකම ඒ වචන වල තේරුම අනුමාන කරන්න උත්සාහ කරන්න. අප දන්නා යැයි සිතන බොහෝ වචන තිබිය හැකි නමුත් කවුරුන් හෝ එවන් වචනයක සත්‍ය අර්ථ දැක්වීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින විට අප අපහසුතාවයට පත් වන අවස්ථා ඇත. එම නිසා අපට විශ්වාස නැති ඕනෑම වචනයක් හමුවූ විගස  ඒ ගැන සොයා බැලීමට සහ ඒවායේ තේරුම අවබෝධ කර ගැනීමට හුරුවීමෙන් අපිට ආත්ම විශ්වාසයකින් වචන භාවිතා කල හැකි වේ.

  1. වැඩිදුර කියවන්න (Read more)

කියවීම නිවැරදි ආකාරයෙන් කළහොත් එය වචන මාලාව වැඩි කිරීමට හොඳම ක්‍රමයකි. දිගටම මෙය කරගෙන යාමට නම් ඔබට රසවත් යමක් කියවීමට වග බලා ගන්න. නිතිපතා කියවීමෙන් ඔබට තවත් බොහෝ වචන හමුවෙනු ඇත.

  1. ශබ්ද කෝෂයක් භාවිතා කරන්න (Use a dictionary)

මේක ඉතින් හැමෝම දන්නා එත් කරන්න කම්මැලිම වැඩක්. නමුත් පුරුද්දක් විදිහට සෑම දිනකම ඉගෙන ගැනීමට අහඹු වචනයක් තෝරා ගෙන එය ලිවීමේදී  හා සංවාදයේදී යෙදෙන්නේ කොහොමදැයි සොයා ගැනීමෙන් පහසුවෙන් ඔබට නව වචන ඉගෙන ගත හැක. මෙය වචන හුරු වෙනකම් නැවත නැවත කරන්න.

මෙලෙස සම දිනකම අලුත් වචනයක් ඔබගේ වචන මාලාවට එකතු කරගෙන ඔබත් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකු වන්න. සුභ පැතුම්!

Facebook Comments

0 Shares

Add comment