SayHello

නිතරම වගේ වැරැදියට උච්චාරණය වෙන ඉංග්‍රීසි වචන 5ක්.

0 Shares

ඉංග්‍රීසි මහ පුදුම භාෂාවක්! සිංහල වගේ නෙවෙයි. එකම අකුර වුනත් ඒක හැමවෙලේම එකම විදිහට උච්චාරණය (pronounce) වෙන්නේ නෑ. අකුරු වචන වල යෙදෙන විදිහ අනුව උච්චාරණය වෙන විදිහ වෙනස් වෙනවා.  

සිංහල කියන්නේ ‘ශබ්ද-උච්චාරණ භාෂාවක්’(Phonetic language). ඒ කියන්නේ වචන උච්චාරණය කරන්නේ හරියටම අක්ෂර වින්‍යාසය සහ අකුරු වල ශබ්දය අනුවය. ඒ නිසා අපිට සිංහල වචන තේරුම් ගැනීමට පහසුයි. අපිට ලේසියෙන්ම වචනයකට ඇහුම්කන් දීලා, නැතහොත් වචනයක් කියවා එය උච්චාරණය කරන්නේ කෙසේදැයි දැන ගත හැකිය.
ඒ එක්ක බලනකොට ඉංග්‍රීසි කියන්නේ ශබ්ද-උච්චාරණ භාෂාවක් නෙවෙයි. එයට ටිකක් සංකීර්ණ උච්චාරණ පද්ධතියක් තියෙනවා. උදාහරණයක් විදිහට ‘a’ (ඒ) අකුර ගත්තොත් එය, ‘ant’ (ඈන්ට්) කියන වචනයේ ‘ඈ’ ලෙසින්ද, ‘car’ කියන වචනයේ ‘ආ’ ලෙසින්ද ශබ්ද වේ.


බලන්න ඔයා මේ වචන උච්චාරණය කරන්නේ හරි ආකාරයටද කියලා.

• Stomach
සාමාන්‍යයෙන් ‘ch’ යෙදෙන ‘chair’, ‘beach’ වගේ ගොඩක් තැන් වලට අපි ‘ච’ ශබ්දය යොදන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්දට ඉංග්‍රීසි ඉගෙන ගන්න අය බොහෝ විට ඒ සංකල්පය ‘stomach’ වචනයටද අදාළ කරයි.
ඒ වුණාට මෙම වචනය ඇත්ත වශයෙන්ම අවසන් වන්නේ ‘k’ (ක්) ශබ්දයකින්. හරියට නිකම් ‘black’ (බ්ලැක්), ‘duck’ (ඩක්), ‘trick’ (ට්‍රික්) වචන උච්චාරණය කරන කොට වගේ. ඒ කියන්නේ ‘stomach’ හරියට උච්චාරණය කරන්නේ ‘ස්ට-මක්’ කියලා.


• Answer
මෙය ‘නිහඬ අකුරක්’ ඇති ඉංග්‍රීසි වචන වලින් එකකි. එයින් අදහස් කරන්නේ උච්චාරණයෙදී එම අකුර සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය යුතු බවයි. ‘Answer’ යන වචනය කීමේදී ‘w’ අකුර ශබ්ද කරන්නේ නැත. එම නිසා එය ‘ආන්ස(ර්)’ ලෙස උච්චාරණය වේ.
මෙලෙස නිහඬ ‘w’ අකුරු ඇති තවත් වචන කීපයක් මේ: sword (සෝඩ්), wrinkle (රින්කල්)


• Vehicle
‘e’ අකුරෙන් ඉංග්‍රීසි වචනයක් ඉවර වෙනකොට තියෙන නීතියක් තමයි ඊට කලින් තියෙන vowel එක ටිකක් දිගට ඇදලා කියන්න ඕනි. ඒ නිසා ‘vehicle’ කියන වචනය නිවැරදිව උච්චාරණය කරන්නේ ‘”වියකල්”’ කියලා. මේ උදාහරණ බැලුවොත් ඔයාට තව පැහැදිලි වෙයි. ‘take’ (ටේක්), ‘cake’ (කේක්), ‘cute’ (කියූට්)


• Castle
අර අපි මුලින් කතා කරපු ‘k’ අකුර වගේ ‘t’ අකුරත් වචන මැද යෙදෙන බොහෝ විට ‘නිහඬ අක්ෂරයක්’ ලෙස ක්‍රියා කරයි. ඒ නිසා ‘ castle’ උච්චාරණය කරන්නේ ‘ කා-සල්’ ලෙසය. Listen (ලි-සන්), fasten (ෆා-සන්), whistle (වි-සල්) වගේ වචන වලටත් එම නීතිය එලෙසමයි.


• Mosque
මෙය බොහෝ විට වැරදි ලෙස උච්චාරණය කරන ලද ඉංග්‍රීසි වචනවලින් එකක්. බොහෝ දෙනා පටල ගන්නේ එහි අගට ඇති ‘ue’ අකුරු නිසාය. මෙහි ‘ue’ අකුරු නිහඬ අකුරු ලෙස ක්‍රියා කරයි. එම නිසා Mosque යන වචනය සරලව ‘මොස්ක්’ ලෙස උච්චාරණය

ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් දන්නවා නේද හැම ඉංග්‍රීසි වචනයක්ම අපිට ඕනි ඕනි විදිහට උච්චාරණය කරන්න බැහැ කියලා. ඔයාලත් ඉංග්‍රීසියෙන් කතා කරන කොට මේ යෙදීම් උත්සාහ කරලා බලන්න. සුබ පැතුම්.

Facebook Comments

0 Shares

Add comment